IMG-LOGO

මව - බිළිඳා කොළඹ යවා වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

( තුසිත කුමාර ද සිල්වා)

බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිනි මව අද (04) අලුයම කළුතර නාගොඩ රෝහලේදී බිහි කළ බිළිඳා සමග කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කර ඇත.

බිළිදාගේ රුධිර සාම්පල පරීක්ෂාවට යොමු කර ඇති අතර එම  සාම්පල පරීක්ෂාවට ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේෂ් කරුණාතිලක මහතා අද(04) දහවල් පැවසීය.

මේ අතර කළුතර නාගොඩ මහ රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 ක් ස්වයං නිරෝධායනයකට ලක් වීමට කැමැත්ත පළ කර ඉන් හතර දෙනෙකු සිය නිවාසවලට යොමු කර අනෙකුත් දෙදෙනා වෙනත් පුද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු සලසා ඇතැයි හෙතෙම සදහන් කළේය .

දරුවා බිහි කළ මව ගැබිනි වාට්ටුවෙන් වෙන් කර වෙනත් විශේෂ ඒකකයකදී ප්‍රසූතිය සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.



අදහස් (13)

මව - බිළිඳා කොළඹ යවා වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

තුෂා Saturday, 04 April 2020 11:27 AM

මෙවැනි පුවත් දකින විට ලිවීමට බොහෝ දේවල් සිතට නැගුනත්, නිහඬ වීම මැනවයි සිතේ. නමුත් දෙයක් කිව යුතුමය.. තරාදියේ දෙපැත්ත සම වියයුතුවා සේම, මුළු රටේම වැසියන්ගේ අපිරිමිත කැපවීම , ගඟට කැපු ඉනිසේ නොවිය යුතුය..

:       36       69

SL Saturday, 04 April 2020 11:40 AM

මොවුන් මොකටද එන්නේ මෙ? ඉස්පිරිතාල ස්ටාෆ් කීයක් අයින් කළාද?

:       23       53

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Saturday, 04 April 2020 12:22 PM

මේ සයිටම් එකේ රෝහල. මේක ජාතික සම්පතක්. කොරෝනා රෝගීන් මේකට දාන්න තීරණය කලේ කවුද? රෝහල් සේවකයන් අනතුරේ. ජනතාව මේ තීරණයට විරුද්ධව නැගී සිටිය යුතුයි.

:       431       4

හරේන්Saturday, 04 April 2020 06:29 PM

ලෙඩ්ඩු දාන්න එපා කියන්නෙ ඇයි? ඕක ඉස්පිරිතාලයක් නෙමේද?

:       0       14

de silva Saturday, 04 April 2020 12:36 PM

මේ ස්ත්‍රිය නීති විරෝධිව කටයුතු කිරීම නිසා..., දොස්තර කෙනෙකුගේ සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ 6 සේවය මේ හදිසි අවස්ථාවේ සති දෙකකට අහිමි වී ඇත. කරුණාකර රජයට සිදුවුන පාඩුව මෙම කාන්තාවගෙන් අයකරගන්න. මෙවැනි අවස්ථාවක ක්‍රියාකළ යුතු ආකාරය , දවසේ පැය 24 පුරාම මාසයක පටන් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරනවා. නිතිය දැන දැනත් මෙසේ නීතියට පිටින් ක්‍රියාකිරීම අනුමත කල නොහැක. අපි දැන් සති දෙකහමාරක් තිස්සේ ගෙවල් වලට හිරවෙලා මානසික , ශාරීරික , සහ මුල්‍යමය පාඩු ලබන්නේ මෙවැනි පුද්ගලයන් නිසාය. අද තව පිරිසක් පල්ලියක දෙවියෝ යදින්න ගිහින් , මොකක්ද මේ මිනිස්සුන්ට හැදිලා තිබෙන පිස්සුව? සෞදි අරාබියේ නම් මෙහෙම කලොත් බෙල්ල කපල දමාවි ? මුස්ලිම් රටක් වන පිලිපිනේ ජනපති කියල තිබුන කොරෝන නීති කඩන පුද්ගලයන්ට වෙඩි තබන්න කියල , මොවුන් අපේ රටේ නීතියට ගරු කරන්නේ නැහැ , සමහරවිට මොවුන්ට ෂරිය ක්‍රමයට හෝ පිලිපිනේ ජනපති කරන මෙලෙච්ච ආකාරයට දඩුවම් කලා නම් මේ ප්‍රශ්නේ විසදේවි...

:       44       173

HelenSaturday, 04 April 2020 01:23 PM

පිලිපීනයේ බහුතරය කිතුනු බැතිමතුන් මිත්‍රයා.

:       15       111

සමන්ත Saturday, 04 April 2020 02:57 PM

කරුණු කාරණා නොදැන ජාතිවාදය අවුස්සමින් ගෝනි බිල්ලන් මැවීම අප හෙලා දැකිය යුතුය. රටක්, ජාතියක් බුද්ධිය මෙහෙයවා ගොඩ ගැනීම නොකර, අමු මෝඩයන් සේ ජාතිවාදය අවුස්සා, යුද්ධ කල කෝලාහල ඇතිවෙන තැනට වැඩ කොට විනාශ කිරීමේ වෑයම පරාජය කල යුතුය. බේරුවල සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තාව අනුව කිසිම වැරද්දක් කර නැති අතර පවතින තත්වයන් යටතේය... දරු ප්‍රසුතියට රෝහල් ගතවී ඇත. අයගේ සැමියාගේ මවගේ නිවසේ ලිපිනය දී ඇත්තේ එහි සිට ය පැමිණි නිසාය. "රට කොරෝනා වසංගතයෙන් බේරෙන මොහොත වනවිට ඊට වඩා දරුණු ජාතිවාදී වසංගතයක ගිල්වා දැමීම එකම අරමුණ කරගෙන සිටින, එය "දේශප්‍රේමය", "ජාති ආලය" වශයෙන් වර නඟාගෙන සිටින හනුමන්තලා කණ්ඩායමක් සමඟ කොරෝනාවට මුහුණ දෙන්නේ කෙසේද යන්නම දැවෙන ප්‍රශ්නයක් ය. "

:       358       7

AkilaSunday, 05 April 2020 02:52 AM

අනේ සමන්ත ,මවගේ නිවසේ සිට පැමිණියානම් ඇයට කොරෝන වැලදුනේ කොහොමද ? අනික කවුද ගෙදර ලිපිනයට මවගේ ලිපිනය දෙන්නේ ,?

:       3       20

සමන්ත Sunday, 05 April 2020 02:14 PM

මහත්තයෝ එක අහන්න ඕනේ ඔය ගැන පැහැදිලි කරලා නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරපු ප්‍රදේශයේ බාර සෞඛ්‍ය බලධාරීන් වන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමාගෙන් සහ මවගේ ලිපිනය රෝහලට ලියාපදිංචිය සඳහා දුන්න ඒ මිනිස්සුන්ගෙන්. සමහර මිනිස්සු බොහෝ විට යමක් දැකපු ගමන් හරි හමන් ලෙස කිසි දෙයක් නොදැන හනුමන්තලා වගේ ගිනි තිබ්බට ඇත්ත ඒක නෙමේ.

:       14       1

Kumar (Gulf)Saturday, 04 April 2020 03:36 PM

ද සිල්වා, දන්නෙ නැති බයිලා දොඩවනවා.

:       130       1

සමන්තSunday, 05 April 2020 04:24 AM

සමන්ත මාගේ අදහස් දැක්වීමට ඩිස්ලයික් දමන්නේ ආන්න ඒ හනුමන්තලාය.

:       40       8

lalithm Saturday, 04 April 2020 04:06 PM

මේ කාන්තාවට බනින්න එපා. ඇය අසරණයි. වගකිව යුත්තේ ස්වාමි පුරුෂය ඇතුළු පව්ලේ මෙය සැලසුම් කල අය. මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා දමල ඔවුන්ට දිගු කාලීන හිරදඬුවම් සහ දේපල රාජසන්තක කිරීම වගේ දැඩි දඬුවම් දීම අත්‍යවශ්‍යයි. මොවුන් ම්ලේච්ච ගති පැවතුම් සහිත අයවලුන් බව පැහැදිලියි දැන්...

:       60       108

rana Sunday, 05 April 2020 03:58 AM

මේ කාන්තාව තමන්ට රෝගය ඇති බව දනගෙනද රෝහලට ගොස් ඇත්තේ ? නැත්නම් දරුවා බිහිකිරීමටද ? මේ ගමේ ගැබිනියන් ගැන කිසිම කෙනෙක් නොදැන සිටියද ? මේ ගම අය පරික්ෂණයට යොමු කළාද ? බනින්න පෙර මේ සමාජීය අවහිරතා ගැනත් සිතන්න. ඔය තරම් ආත්මාර්ථකාමීව ආවේගශීලිව හැසිරෙන්න එපා !

:       24       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 506 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site