IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලංකාවට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10) සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අද සවස 4.12 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම පිරිස විශබීජ හරණයට ලක් කෙරුණි.

ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මෙම ගුවන් මගීන්ට කොරෝනා ආසාදිත තත්වයන් තිබේදැයි සොයා බැලීමෙන් පසු යුද හමුදාව විසින් මෙම පිරිස විශේෂ බස් රථ මගින් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

 

 

 



අදහස් (1)

මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලංකාවට

rama Sunday, 10 May 2020 11:28 AM

ඔක්කොම ගෙනැල්ලා ඉවර වෙලා තමයි..., ඉඩ තිබුණොත් මැදපෙරදිග කට්ටිය ගෙනියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 635 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 831 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site