( ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝග තත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද 14 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.
මෙම ගුවන් මගීන් පිරිස අද දින දහවල් 12.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් අතුරින් 288 ක් ශ්‍රී ලාංකික ගුවන් මගීන් වන අතර , ඔවුන් මෙම වසංගත රෝග තත්වය නිසා මාලදිවයින තුළ කොටු වී සිටි පිරිසකි .
ඉතිරි 16 දෙනා ජපන් ජාතිකයන් වන අතර , ඔවුන් ද මෙම වසංගත රෝග තත්වය නිසා මාලදිවයින තුළ කොටු වී සිටි අතර , ඔවුන් අද සවස ජපානයේ නරීටා බලා යන ගුවන් යානයෙන් පිටත් කර හැරීමට නියමිතය.
මෙසේ පැමිණි ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජ හරණය කිරීමට ලක් කරනු ලැබිය.
මෙම ගුවන් මගීන් පිරිස තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බැලීමක් ද සිදු කෙරුණි .


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.