IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මිය ගිය කාන්තාවක් මිහිදන් කිරීම තාවකාලිකව නතර කෙරේ

තරංග ගුණරත්න 

වැලිගම  පෙදෙසේ   මුස්ලිම් ජාතික කාන්තාවක්  මිය යාමෙන්  පසුව  මිහිදන් කිරීම තාවකාලික නතර කිරිමට අද (07 ) දින පෙරවරුවේදි  වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගත්තේය.

වැලිගම අළුත් විදීය පෙදෙසේ පදිංචි  වයස 54 වන  කාන්තාවක් දීර්ඝ කාලයක සිට  රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි අතර එම කාන්තාව  අද ( 7 ) දින  උදැසන  6:00 පමණ   අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින්  පුද්ගලික මෝටර් රථයක් මගින්   වහාම මාතර නගරයේ පුද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබේ.

එහිදී  වෛද්‍ය උපදෙස් මත රජයේ රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී .

එහෙත් එම උපදෙස් නොකතා  එම කාන්තාව නැවත නිවස වෙත ගෙන එන අතරතුර  මියගොස් තිබේ.

අනතුරුව  පවුලේ සමාජිකයන් සහ ඥාතිවරුන්  විසින්  මියගිය කාන්තාව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු  සූදානම් වෙමින් සිට ඇත. 

එහිදී  වැලිගම මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි  මිය ගිය කාන්තාවගේ  සිරුර  මිහිදන් කිරීම  තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත .

ඒ අනුව  වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ  නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන්  අදාළ  මරණ පරීක්ෂණ වාර්තා  ලබාගැනීම සදහා  නැවත  මියගිය කාන්තාවගේ මළ සිරුර මාතර රජයේ රෝහලට ගෙන යාමට පියවර ගන්නා ලදී .



අදහස් (12)

මිය ගිය කාන්තාවක් මිහිදන් කිරීම තාවකාලිකව නතර කෙරේ

Shafi Thursday, 07 May 2020 08:01 AM

උපන් සියල්ලමට මරණය නියතයි. අල්ලාහ් ඇගේ ආත්මය නිරයෙන් ආරක්ෂා කර ස්වර්ගවාසී උත්තමයන් සමග නිත්‍යය මරණින් මතු ජීවිතයේ ජය ගෙනදේවා! ඇගේ ඥාතීන්ට ඉවසීම ලබාදේවා!

:       0       0

Prabha Thursday, 07 May 2020 08:07 AM

මේ පුද්ගලික රෝහල් බෙහෙත් කරන්නේ සනීපෙන් ඉන්න මිනිස්සුන්ටද? අවසානයේ පිහිටට එන්නේ රජයේ රෝහල් පමණි.

:       0       0

Mangala Thursday, 07 May 2020 09:21 AM

රටේ නීතියට අවනත වීම අපහාසයක්, අවමානයක් හෝ මදිකමක් කියලා වගෙයි මේ කට්ටිය හිතන්නේ සහ වැඩකරන්නේ. නමුත් මේ ක්‍රියාවන් නිසා තමන් සමාජයෙන් කොන්වෙනවා කියන එක මේ අයට වැටහෙන්නේ නැහැ.

:       1       6

Ananda Thursday, 07 May 2020 09:24 AM

කොහොමටත් ඔය අයට කොරෝනා...

:       1       0

Anton Thursday, 07 May 2020 09:25 AM

දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි බව මෙහි සඳහන් වනවා... එමනිසා මිහිදන් කිරිම වරදක්ද? ඔවුන් මුස්ලිම් නිසාද? සියලුම ජාතීන්ට එක සේ සලකන උතුම් ක්‍රියාවක්, බුද්ධාගමත් කියන්නේ ඒකමයි....

:       7       38

anuraSunday, 10 May 2020 01:39 AM

විද්‍යාත්මක හේතුවක් නිසා අනුගමනය කරන සෞඛ්‍ය ක්‍රියා දාමයකට අකුල් හෙළන්න එපා. තමන්ගේ තර්කය සාධාරණීකරණය කර ගැනීමට ආගම් ගාව ගන්න එපා. සියළුම ශාස්තෲන් වහන්සේලා එකල පැවැති යුගවලට ගැළපෙන විදිහට පොදු ජනතාවට සෞඛ්‍ය රැක ගැනීමට උපදෙස් දීලා තියෙනවා.

:       0       0

Samitha Senaka Aluthgamage. Thursday, 07 May 2020 09:36 AM

රටේ වසංගතයක් බෝවෙන වෙලාවේ මේ සමහර මිනිස්සුන්ගෙන් තියෙන්නේ පුදුම කරදරයක්....

:       39       89

jayath Thursday, 07 May 2020 10:48 AM

මේ දවස්වල මේ රටේ මරණයක් වුණාම ක්‍රියා කරන්න ඕන විදියක් තියනවා.... එකට ආගමක්, ජාතියක්, ජන්මයක් බලපාන්නේ නැහැ. මේ කාලකන්නි හැතිකරේ ඒක දන්නේ නැහැ වගේ හොඳ වෙලාවට වැලිගම පොලීසියට කොන්දක් තිබුන මේක නවත්තන්න... ඉස්සර කාලේ මේක උනානම් එක කෝල් එකයි පොලීසියට. ඔක්කොම ඉවරයි දැන් ඉතින් ඒ ගොන් පාට් බැරි හින්ද අර මොනවද කාපු රිලව් වගේ ඉන්න එකයි තියෙන්නේ...

:       52       5

kule Thursday, 07 May 2020 11:50 AM

මෙම ප්‍රවුර්තිය රජයේ අවධානය යොමුවිය යුතු එකක් ලෙසයි මම හිතන්නේ හේතුව.... මෙම මරනය තුල බොහෝ සැකකටයුතු බොහොදෙවල් ඇතිබව පෙනී යන නිසයි පළමුව මරණ සහතිකයක් පවා නොමැතිව මෘත ශරීරය භූමදානයට පිළියෙළ කිරීමයි දෙවනුව මියගිය නොමැති පුද්ගලයෙක් ලෙස රජයේ ලිය කියවිලි සදහන් එම කාන්තාවගේ නමින් තවත් කාන්තාවක් පිට රටක සිට මෙරට පැමිණ ශ‍්‍රී ලාංකිකයකු ලෙස පෙනීසිටීමටද හැකිවීම නිසයි මෙවැනි සිද්ධීන් පෙරද මෙරට සිදුවී ඇතිබවට ආරංචි ඇති නිසයි සදහන් කලේ...

:       69       107

තාරක Thursday, 07 May 2020 02:29 PM

මේ මිනිස්සු මොනවා හිතන් ඉන්නවද මන්දා. හිතුවක්කාර සමාජ සහ සදාචාර විරෝධී වැඩ කරන්නේ නිකං ඒගොල්ලන්ට උඩින් කවුරුත් නෑ වගේ හිතලා. පුදුම උද්දච්ච කමක්.

:       55       4

jayath Friday, 08 May 2020 02:22 AM

ඔව් තාරක, ඔක්කොම හිතන් ඉන්නේ නම් එහෙමයි. බලන්න ඒ අයගේ පැත්තක පාරක යන්න පුලුවන්ද කියලා..? හැබැයි එකම දේ තියෙන්නේ දැන් ඒ අයට එහෙම හිතාගෙන ඉන්න විතරයි පුළුවන්...

:       0       0

Ruzain Friday, 08 May 2020 04:35 AM

ඒ මනුස්සයාට මොනවත් නැහැ. ස්වභාවික මරණයක්... ජාතිවාදියෝ එක එක දේවල් කරනවා. සිංහලයාට එක නීතියයි. මුස්ලිම් මිනිහාට එක නීතියයි ගැන කතා කරන්න ගියොත් මේ සිංහල රටේ... ආ... තව එකක්.., මේ ළඟදී මාස 6ක පොඩි ළමයෙක් නැතිවුණා... ඒ බබාගේ ඇඟ කපලා කොටලා විනාශ කරලා පස්සේ දොස්තර සමාව ඉල්ලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 259 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 746 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site