(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය පැතිරීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ මහ මැතිවරණය ලබන මැයි මස අවසන් සතියේ හෝ පැවැත්විය නොහැකි බැවින්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟපෙන්වීමක් ලබා ගන්නැයි මැතිවරණ කොමිසන් සභාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත ඉකුත් 1 වැනිදා ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.
ඉකුත් 31 වැනිදා දිනය තුළ පමණක් කොරෝනා රෝගීන්ගේ වැඩිවූ සංඛ්‍යාව පිළිබඳව සලකා බැලීමේදී සහ වසංගත රෝග පාලනය පිළිබඳව විශේෂඥ මත අනුව මෙම වයිරසයේ පැතිරිම සම්පුර්ණයෙන් පාලනය කිරීම අපේ‍්‍රල් මාසය තුළ සිදුකළ නොහැකි බව පැහැදිලිව පෙනෙන්නේ යැයි ද, එබැවින් මැතිවරණය මැයි මස අවසන් සතිය තුළ හෝ පැවැත්විය නොහැකි යැයි ද මැතිවරණ කොමිසන් සභාව ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තු විසුරුවා හරින ලද ඉකුත් මාර්තු මස 02 වැනිදා සිට මාස තුනක් ඉක්මවීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවද මැතිවරණ කොමිසන් සභාව සිය ලිපියෙන් පනේවා දී ඇත.
එබැවින් , ඇතිවන ගැටලූ විසදා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබාගැනීමට ජනාධිපතිවරයා කඩිනමින් කි‍්‍රයා කිරිම යෝග්‍ය බවද ඒ පිළිබඳව ජනාධිපතිවරයා නොපමාව දැනුවත් කිරිම සුදුසු බවද එම ලිපියෙන් දක්වා ඇත.
මේ අතර මැතිවරණ කොමිසන් සභාව ඉකුත් 31 වැනිදා ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඇති ලිපියකින් දක්වා තිබුණේ ලබන ජුනි මස 2 වැනිදාට පෙර නව පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි වීමෙන් ව්‍යවස්ථාමය ගැටලූවක් ඇතිවිය හැකි බවය.
එබැවින්, ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙසත්, නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙසත් එම ලිපියෙන් දන්වා තිබේ.
දැනට පවතින තත්ත්වය අනුව, නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ලෙස නව දිනයක් ජනාධිපතිවරයා විසින් ගැසට් පත‍්‍රයකින් ප‍්‍රකාශයට පත් කළ යුතු යැයි ද ව්‍යවස්ථාවට අනුව එම දිනය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයෙන් මාස තුනකට පසු දිනයක් නොවිය යුතු බැවින් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ජුනි මස 1 වැනිදාවත් රැස්විය යුතු යැයි ද එම ලිපියේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සන් කොටුව වහලා තිබුන හින්දා මේ තරමින්වත් අපිට කොරෝනා පාලනය කරගන්න හම්බුනා. ඕක අගුලු දා තියන තරමටම මෙරටට සෙතක් වේවි.
සරල තර්කයක්නේ මෙතන තියෙන්නෙ. පාර්ලිමේන්තුව අවසන්වෙන්න තිබ්බේ සැප්තැම්බර්. ජනාධිපතිවරයා මේක මාස 6 කට කලින් විසිරෙව්වා හෙවත් තමන්ගේ බලය යොදල අකාලයේ පාර්ලිමේන්තුව අක්‍රිය කළා. නමුත් බලාපොරොත්තු නැති විදිහට රටේ ප්‍රශ්නයක් ඇති වුනු නිසා චන්දෙ තියන්න බැරි වුන. පාර්ලිමේන්තුව විසිරුවල මාස තුනක් ඇතුලත චන්දෙ තිබ්බේ නැතිනම් මොකොද වෙන්නේ? ජනාධිපති පාර්ලිමේන්තුව වේලාසන විසිරෙව්ව නියෝගය අවලංගු වෙනවා. එතකොට මොකොද වෙන්නේ? පාර්ලිමේන්තුව නැවත සක්‍රිය වෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ ජනාධිපතිවරයාට වග නොකියන ස්වාධීන ආයතනයක් නිසා කථානායකවරයාට සහ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වෙන අගමැතිවරයාට බලය ලැබෙනවා සාකච්චා කරලා කරන්නේ මොකක්ද කියල තීරණය කරන්න. ඒ කියන්නේ නැවත පාර්ලිමේන්තුව රැස් කරනවාද එහෙනම් ඒ කවදාද කියන එක. පාර්ලිමේන්තුව ආපහු කැඳවනවා නම් අනිත් රටවල මේ වෙලාවේ කෙරුවා වගේ මන්ත්‍රීවරු අඩි 6ක් ඈතින් ඉන්න පුළුවන් විදිහට තෝරා ගත් සීමිත පිරිසකට සහභාගී වෙන්න පුළුවන්. මේ වෙලාවේ ජනතාවට සහන දෙන්න පනතක් සම්මත කරගන්න ඕනේ නම්, UNP JVP TNA කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න වෙනවා. නොදුන්නොත් ඊළඟ චන්දෙදි මිනිස්සු බලා ගනී.
මැතිවරණ අවශ්‍ය නැත. මේ යන විදියට යමු දිගටම ...
පාර්ලිමේන්තුව නැවත කැඳවන්ඩ වෙයිද?
කොරෝනා වයිරසය පැතිරීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ මහ මැතිවරණය ලබන වසරට කල් නොදමන්නේ මන්ද මහ මැතිවරණයට පවත්වනවා වඩා ප‍්‍රශ්න ලංකාවේ මතුවී සහ මතුවෙමින් තිබේ. කෝටි ගණන් මුදල් මහ මැතිවරණයට වෙන් නොකර රටේ ජනතවගේ කටයුතුවලට යෙදවීම කලයුතුවේ...
ඔය සල්ලි නාස්තිය දැන් කලයුතු නැහැ. එයාලා හිටියා නම් තව කියක් වියදම්ද?
මැතිවරණ ඕනෑම නෑ. ඔහොම යමු. අතේ තියෙන තුට්ටු දෙකටත් වගකියන මේ මැතිවරණ කුමකටද?
චන්ද එපා මෙහෙම හොදයි ...