IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිනිසුන් නොමඟ යවන තොරතුරුවලට ට්විටර් වැට බඳී

වයිරසය මැඬලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නොතකා හරිමින්, ඊට විරුද්ධව ජනයා උසිගන්වන ආකාරයට පළවන තොරුතුරු සිය ගිණුම්වලින් ඉවත් කරගන්නා ලෙස ට්විටර් සමාගම ජනයාගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස්, විශේඥයන්ගේ අදහස් වැරදි ආකාරයට භාවිත කරමින්, ව්‍යාජ ප්‍රතිකර්ම ට්විටර් සමාජ මාධ්‍යවල හුවමාරු කරන්නන්ට එරෙහිව කටයුතු කරන බවද සමාගම පවසයි.

මේ බව සඳහන් කරමින්, ට්විටර් සමාගම නව උපදෙස් මාලාවක් සිය බ්ලොග් අඩවියේ පළ කර තිබේ.

ඉකුත් ජනවාරි මාසයේදී කොරෝනා වයිරසය පිළිබඳව  මුහුණුපොතින් පළ වූ අසත්‍ය ප්‍රචාරවලට විරුද්ධව ෆේස්බුක් සමාගම ගෙන ගිය දැඩි ක්‍රියාමාර්ගය අනුව යමින් ට්විට්ර් සමාගමද මෙම පියවර ගැනීමට තීරණය කර තිබේ.‍

දෑත් සේදීම, සබන් සමාගම් වෙනුවෙන් කරන ප්‍රචාර, වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට සුගන්ධමය ශාක සාර සහ තෙල් යොදාගෙන කරන ප්‍රතිකාර භාවිතය සුදුසු බවට වන ප්‍රචාර වැනි දෑ පවා ඉවත් කරන බව ට්විටර් සමාගම කියයි.



අදහස් (0)

මිනිසුන් නොමඟ යවන තොරතුරුවලට ට්විටර් වැට බඳී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site