මේ වසරේදී සිය වැටුපෙන් සියයට 30 ක් කපා හැරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ එරට ආණ්ඩුවේ ඉහළ පෙළේ සාමාජිකයෝ තීරණය කර ඇත.
සමාජ වගකීමක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වැටුපෙන් සියයට 30ක් කපා හරින බව කැබිනට් අමාත්‍ය ප්‍රකාශ් ජවාද්කාර් පැවැසීය. ඊට කැබිනට් මණ්ඩලයේ (ෆෙඩරල් කැබිනට් මණ්ඩලයේ) අනුමැතිය හිමිව ඇතැයි ද හෙතෙම කීය.
ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් නිර්මාණය කර තිබෙන කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ ආර්ථිකයට බරපතළ බලපෑමක් එල්ල කර ඇත.
‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සති තුනක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගත්තේය. ඒ හේතුවෙන් රටේ මිලියන ගණනකට රැකියා අහිමි වී තිබෙන අතර තවත් දස දහස් ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇත. බොහෝ පිරිසක් එදිනෙදා වේල සොයාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.
රොයිටර්ස්
055
COMMENTS
ඒකට අපේ අයියලා. කොමිස් හොයනවා. අඩුම ගානෙ හොරකම් කරපු සල්ලිවත් දෙනවද බලාගෙන ඉන්න විදවන හැටි. සුළු ව්‍යාපාරිකයන් පුළුවන් විදියට ජනතාවට සලකනවා. මේ හොර මඩේ හැංගිලා සතයක් දෙන්නේ නැහැ. හාමුදුරුවරු පින් කැටේ මුදල් දුන්නත් හොර නඩේගේ පපුව උණු වෙන්නේ නැහැ. පපුව කුණු වෙලා. නිව්මෝනියාවත් 225ත් එක්කම එන්න ඕන. දුක් වින්දත් සැපයි නඩේ. අලුවෙලා ගියානම්.
අල්ලපු වැටේ අය අපට විහිළු සපයනවද ? එන්න එපා මේ වෙලාවේ අපට උසුළු විසුළු කරන්න හොදේ. අර මක්කටෙයි 30% ? ඔහේ හිතුවද අපේ දියවන්නා ඔයේ පට්ටියේ මිහරකුන් 225 ම ඔහෙලා වගේ හිගන ජාතියක් කියලා. ඔන්න බලන්න හෙට අනිද්දා වෙනකොට අපේ පට්ටියේ 225 ම හොරාකාපු නොකාපු, කොඩුවලින් හොයපු , ගිනිවතුර බලපත්‍රවලින් හොයපු ඩියුටි ෆ්‍රී බලපත්‍රවලින් හොයපු, නිදන් හාරලා හොයපු, වැලි, පස් වලින් මෙන්ම කොමිස් වලින් හොයපු එතකොට අර මහා බැංකුවෙන් හොරාකාපු ඒ තුට්ටු දෙකේ සල්ලි ඔක්කොම මුල් පුරවැසියාගේ දෙපතුල ලග ගිහින් ගොඩ ගහන්නේ නැද්ද කියලා. හොදට බලාගෙන ඉන්න.
""ඒ තුට්ටු දෙකේ සල්ලි ඔක්කොම මුල් පුරවැසියාගේ දෙපතුල ලග ගිහින් ගොඩ ගහන්නේ නැද්ද කියලා. හොදට බලාගෙන ඉන්න""... ඔව් , මුල් පුරවැසියාගේ දෙපතුල ලග ගිහින් ගොඩ ගැසුවත් තවත් කළු සල්ලි ගොඩක් ඔවුන්ගී ගෙවල් වල හා සීෂෙල්ස් ACC වල ඉතිරිව ඇත.
මේදවස් වල ඉන්දියාවේ පොලිසියට වැටහිර පොලු හිඟයක් තියනවලු . ඒවා ගන්න වෙන්න ඇති .
එකට අපේ අයියලා. බයියලගේ ආශීර්වදෙන් තව තව මල්ල පුරෝ ගන්නවා. වැඩක් කරන්න එන අය අල්ලලා හිරේ දානවා.
මෙහේ නම් ඉන්නෙ මිස්ටර් තර්ටි ප්‍රසන්ට්(30%) කියලා වෙන කෙනෙක්.
ඇයි වැටුපෙන් විතරක්? අනෙක් වියදම් වලින්..?
අපේ රටේ ඉන්නවා හොදට යහමින් සල්ලි තියෙන මැති ඇමතිවරු නමුත් තව වෙනතුරු කිසිම මුදල් ආධාර කිසිම දෙයක් දීලා නෑ.