IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා

(අප්සරා යෝසිත් විජේසූරිය සහ අජිත්ලාල් ශාන්ත)

රත්නපුර මුද්දුව ප‍්‍රදේශයෙන් හමුවූ කොවිඞ් 19 වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට සහ  62 වියේ පසුවන එම ව්‍යාපාරිකයාගේ මවටත් කොරෝනා වැළඳී ඇතිබවට පීසීආර් යන්ත‍්‍ර මගින් කළ රෝගීන්ගේ සෙම පටල පරීක්‍ෂණ මගින් තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මාර්තු මස මුල් භාගයේදී  කොරෝනා රෝගය වැළඳුණ බවට තහවුරු වූ මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳත් දියණියත් මේවනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

එසේ පළමු වරට රත්නපුර මුද්දුව ප‍්‍රදේශයේදී කොවිඞ් 19 අාසාදිත රෝගීන් හමුවූ පසුව, ඔවුන්ගේ සමීප ඥාතීන් සහ සමීපව ඇසුරු කළ අය  71 දෙනෙකු නිවෙස්වලම නිරෝධානයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ ක‍්‍රියාත්මකව කටයුතු කර තිබුණි.

රත්නපුර මහ රොහලේ මේ මස 07 දින සිදුකළ පීසීආර් යන්ත‍්‍ර මගින් සිදුකළ සෙම පටල පරීක්‍ෂණයෙන් සහ අයිඞීඑච් රෝහල වෙත යොමුකළ සෙම පටල පරීක්‍ෂාවෙන් පසුව මෙසේ දෙවන වරට රත්නපුරයෙන් හමුවූ කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන් දෙදෙනා හඳුනාගත් බව රෝහල් බලධාරීන් පවසයි.

මෙම කොවිඞ් 19 ආසාදිතයින් දෙදෙනාම  කොළඹ අයිඞීඑච් රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව රත්නපුර ශීක්‍ෂණ රොහල් බලධාරීන් පවසයි.



අදහස් (5)

මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා

Nimal Thursday, 09 April 2020 12:00 AM

ඉක්මන් සුවපතමු ...

:       0       2

චමින්ද Thursday, 09 April 2020 01:21 AM

සමහරක් මැණික් මුදලාලිලා මේ මගේ අම්මද? අප්පද? නැත්නම් දරුවෝද? කියා බලන්නේ නැහැ. ප්‍රධාන මාර්ගයේ වත් පදිකයින්ට යාමට ඉඩක් දෙන්න තරම්වත් සැලකිල්ලක් නැහැ. ඔවුන්ට වටින්නේ ගල් මිස වෙනත් කිසිවත් නොවේ. රටට, ජනතාවට කුමක් වුවත් මොවුන්ට ගානක් නැහැ. රත්නපුරේ සමහර මැනික් මුදළාලිලා සිඟාලෝවාද සූත්‍රයේ සිගාලක වගේ උදේම නාගෙන තෙත ඇදුම් පිටින්ම අටදිසා වන්දනා කරන බව මම දැකල තියෙනවා. එවැනි උන්ට වසංගත ගැන මොන හැගීමක්ද?

:       32       0

rana Thursday, 09 April 2020 02:40 AM

මොහු තැන තැන ගොස් නැද්ද ? බොරුවෙන් රට පිරිහේවී කියලා... ඇත්ත කට කහනවට නොවේනේ.

:       0       2

RaveendraThursday, 09 April 2020 04:12 AM

ඔබ නිවැරදියි මෙම " කාලකන්නියා " විසින් වපුරපු දෙයින් කොටසක් තමන්ද යහමින් නෙලාගෙන ඇති බව පැහැදිලිය.. අප අවන්කවම කිසිවෙකු මියනවාට හෝ කිසිවෙකුගේ ප්‍රාණය නැති කරනවාට අකමැතිය. ඒ ඔබට, අපට මෙන්ම ඔහු හෝ ඇයටද මෙලොව ජීවත්වීමේ අයිතියක් තිබෙන බැවිනි. එනමුත් කෙනෙකු සමාජයේ වැඩි පිරිසකගේ ජිවිතවලට හානි සිදුවෙන පරිදි හැසිරෙනවා නම්, ක්‍රියා කරනවා නම් " ඒකා " මියයනාවට හෝ " ඒකාව " මරා දමනවාට අපගේ නම් කිසිදු විරුද්දත්වයක් නොමැත.

:       0       30

Saman Thursday, 09 April 2020 12:24 PM

රවීන්ද‍්‍ර මයා... ඔබගේ අදහස සමග එකග වෙමි... එසේම වෙවායි පතමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site