IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ කොමිසමේ ගැසට්ටුව බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සම් 8 ක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තු  මැතිවරණය  පැවැත්වීම කල්  දමමින්  මැතිවරණ කොමිසම  විසින්  නිකුත් කර ඇති  ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා   තවත්  මූලික අයිතිවාසිකම් පෙත්සම්  අටක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු  කර ඇත

රාවය පුවත්පතේ  හිටපු  කර්තෘ  වික්ටර් අයිවන්,මහාචාර්ය  ඇන්ටන්  මීමන,ටී.එම්. ප්‍රේමවර්ධන,ඒ.එම්  ජෙෆ්රි, එස්.සිවගුරුනාදන්,මහින්ද  හත්තක,එච්. ඩී.එස්. එස්.ඩී  හේරත්  , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කර ලැබ සිටිති.

මැතිවරණ කොමිසම එහි සභාපති මහින්ද දේශප්‍රිය,එහි සාමාජිකයන්, නීතිපති ඇතුළු  පිරිසක්  මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්  පසු  මාස තුනක කාලයකදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  තෝරා ගැනීමට  මැතිවරණය පැවැත්වීම කළ යුතු බව පෙත්සම්කරුවන් සඳහන් කර ඇත. 

ඒ අනුව මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූණි.එහෙත්  රටේ  කෝවිඩ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. 

එලෙස නියම කළ දිනය  වෙනස්  කිරීමට  මැතිවරණ කොමිසමට බලයක් නැති බවත් එය ජනතා පරමාධිපත්‍යයට කරන ලද හානියක් බවත් පෙත්සමෙන්  පෙන්වා දී ඇත. එසේම  එය ජනතාව ට ඡන්ද බලය භාවිතා කිරීමට  ඇති  අයිතිය අහිමි  කිරීමක්  බවද සඳහන් වේ. 

එබැවින්  මෙම මැතිවරණය පැවැත්වීම කල්  දැමීමට  ගත් තීරණය  බල රහිත කරන ලෙස රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනා සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති. 

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා  ගොනු කළ පෙත්සමෙන් පෙන්වා දෙන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හල දිනයේ සිට මාස තුනක් ඇතුළත මැතිවරණය පවත්වා ඊළඟ නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට විධිවිධාන සලසා ඇති බවය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් නිකුත් පාර්ලිමේන්තුව මාර්තු මස 2 වනදා විසුරුවා හළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදනවලට අනුව ඊළඟ නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවනදා ට පෙර රැස්වීය යුතු බව පෙත්සම්කාර සරවනමුත්තු මහතා සිය පෙත්සමෙන් කියා සිටී.

එහෙත් මාර්තු මස දෙවන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් වර්තමානයේ කොරෝනා වසංගතය දීප ව්‍යාප්ත මට්ටමින් පැතිරගොස් ඇති හෙයින් මහ මැතිවරණයක් පවත්වනු ලැබුවොත් මහජනයාට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය වන බව ද පෙන්වා දෙයි.

ඒ අනුව පාර්ලිමේන්තු මහා මැතිවරණය මේ මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද සරවනමුත්තු මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (6)

මැතිවරණ කොමිසමේ ගැසට්ටුව බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සම් 8 ක්

rama Wednesday, 06 May 2020 11:34 AM

ඉතින් බල රහිත කරලා මොකද කරන්නේ? මැතිවරණ අවශ්‍ය නැද්ද? හේතුව රටේම ප්‍රශ්නයක්නේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවේ නේ... මේ කට්ටියට ඕන විසදුම කිව්වා නම් දෙන්න තිබුණා..

:       487       442

සේන Wednesday, 06 May 2020 12:08 PM

නම් ටික දැක්කම කියන්න පුලුවන්. එක වල්ලෙ පොල් ටික තමා මේ දඟළන්නෙ. කවදා ඡන්දෙ තිබ්බත්, මෙදා සැරේ අන්තවාදීන් , හොරුන් , කපටින්, දෙපිට කාට්ටවන් , ත්‍රස්තවාදීන් , බඩ ගෝස්තරවාදීන් , රටටම පිළිලක් වෙලා ඉන්නවුන් ගෙදරම තමා. ව්‍යවස්ථාවට වෙට්ටු දම දමා බලේ ගන්න එක මේ සැරේ හරියන්නේ නැහැ.

:       164       448

PrasadWednesday, 06 May 2020 12:48 PM

සේන කියන්නේ මෙ දවස්වල වැඩබලන ටීම් එකම ගෙදරදි කියලා නේද?

:       110       163

saman Wednesday, 06 May 2020 01:04 PM

රටේ ආර්ථිකය නැවත ගොඩ නගන තුරු සියලු මැතිවරණ අවලංගු කර, ජනපතිවරයාට රට පාලනය කරගෙන යාහැකි ක්‍රමයක් හදමු...

:       364       300

saaliWednesday, 06 May 2020 03:03 PM

ඒ කියන්නේ සදහටම මැතිවරණ නැහැ.

:       0       32

p.d goonawardena Thursday, 07 May 2020 03:27 AM

මේවා කරන්නේ වැඩ බැරි ටාසන්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක උරුමයක් වූ මහා වංශය පුස්තකය
2024 ජුලි මස 17 320 0

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්


අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ
2024 ජුලි මස 17 313 0

රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාල


බදු පැහැර හැරී වැල්ලවත්තේ සමාගමකට සිතාසි
2024 ජුලි මස 17 342 0

භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීම පැහැර හැරී වැල්ලවත්තේ පුද්ගලික සමාගමකට අගෝස්තු 26 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට


ඔන්ලයින් ණය ගෙන පොලු තියලා
2024 ජුලි මස 17 776 0

කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකර ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ලයින් සමාගම් මග


බස්නාහිර ලක්ෂ 50 සිටින සුවිසල් නගරයක් කරනවා
2024 ජුලි මස 17 654 0

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඇමැති බන්දුල ඇමැතිකම ඇපේට තියයි
2024 ජුලි මස 17 1968 0

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකී


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 125 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 990 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1873 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site