IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1067 ක් නිරෝධායනයේ

(මහේෂ් කිර්තිරත්න)
 
කෙරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ  පුද්ගලයින් 1067 දෙනෙකු ස්වයං නිරෝධායනය සිදු කර ඇති බව ඉන් 814 දෙනෙකු දින 14 ක් ඉක්මවා ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් වංසගත රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා  අද(1) දා පැවසිය.
 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් කොරොනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ හා අත්‍යවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙය යාමේ කමිටුවට සහභාගි වෙමිනි.කමිටු රැස්විම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධාන්තවෙයන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
 
වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය බණ්ඩාර මහතා කියා සිටියේ දිස්ත්‍රික්කය තුළට දිවයිනේ වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණි හා වෙනත් රැකියාවලට ගොස් පැමිණි හා විදේශරටවලින් පැමිණි පිරිස් සමග සම්බන්ධතා පැවැත්වු පිරිසක් මෙසේ නිරෝධනායන කටයුතු නිරත කරන බවත් මේ වන විටත් පුද්ගලයින් 253 දෙනෙකු නිරෝධානයනය වෙමින් සිටින බවද පැවසිය.
 
දිස්ත්‍රික්කය තුළ මෙම රෝගය ව්‍යාප්ත විම වැලැක්විම සදහා ගතහැකි සැම පියවරක්ම ගන්නා බවද ඒ මහතා පැවසිය.
 
මෙම කමිටු රැස්විම සදහා මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා ,හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් අලුවිහාරේ, රෝහිණි කුමාරි විජේරත්න, වසන්ත අලුවිහාරේ, රෝහණ දිසානායක,හිටපු පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ,පළාත් ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න යන මහත්ම මහත්මින් ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ප්‍රාදේශිය ලේකම්වරුන් පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.



අදහස් (0)

මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1067 ක් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site