(කේෂර ගුණතිලක)
මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන සමෘද්ධිලාභී පවුල් 50,724 ක් සඳහා රුපියල් 5000 බැගින් ලබාදීමට පියවර ගත් බැව් මොනරාගල දිසාපති සහ දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවැසීය. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන සමෘද්ධිලාභී පවුල් වෙනුවෙන් බෙදාදෙන ලද මුදල රුපියල් 25,362,000 කි.
මීට අමතරව දුෂ්කරතාවට පත්ව සිටින පවුල් වෙනුවෙන් රුපියල් 5,000 මුල් වාරිකය ගෙවීමට පමණක් රජය මඟින් රුපියල් 28,86,20,000 ක් (විසිඅට කෝටි අසූහයලක්ෂ විසිදහසක්) වැයකර ඇත.
කොවිඩ් 19 වසංගත රෝගය පැතිරීයාම වැළැක්වීමේ අරමුණෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා පීඩාවට පත්වන සමෘධි පවුලක් සඳහා පොලී රහිත ණය මුදලක් ලෙස රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කැර තිබිණි.
මෙම මුදල මෙම පවුල් වෙත දීමට බලාපොරොත්තු වන ණය මුදලින් හරි අඩකි.
එහි පළමු වාරිකය ලෙස රුපියල් 5000 බැගින් ලබාදීමට මෙසේ පියවර ගෙන තිබිණි.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමෘද්ධිලාභීන්ගේ නිවෙස් වලටම ගොස් මෙම මුදල ලබාදෙන අතර ඉතිරි රුපියල් 5000 පසුව ලබාදීමට නියමිතය.
තවද දිස්ත්‍රික්ක තුළ අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභී නොවන පවුල් 28,357 ක සිටින බවට තොරතුරු අනාවරණයවී තිබෙන අතර ඔවුන්ටද මෙම මුදල ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට රජයේ අවධානය යොමුකැර ඇතැයි දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව දැනට ආධාර ලබන වකුගඩු රෝගීන් 1,135 දෙනෙකුටද සහ පොරොත්තු ලේඛනයේ සිටින 584 දෙනෙකුටත්,දැනට ආධාර ලබන ආබාධිතයින් පුද්ගලයින් 2,219 දෙනෙකුටත් පොරොත්තු ලේඛනයේ සිටින 1230 දෙනෙකුටත්,වැඩිහිටි පුද්ගලයින්11,230 දෙනෙකුටත් රුපියල් 5000 බැගින් බෙදාදීමට නියමිතය.
මීට අමතරව ගැබිනි මව්වරුන්ට සහ මව් කිරි ලබාදෙන මව්වරුන්ට රුපියල් 2,000 ක පෝෂණ ආහාර ද්‍රව්‍ය ලබාදීමටත් කටයුතු යොදා ඇත.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොණරාගල අඩු ආදායම්ලාභීන්ට කෝටි 28 ක ණය ආධාර