IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳ සැලක් වටලයි

(ඉන්දිකා රාමනායක)

මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ කිරිබත්ගොඩ ඖෂධ අලෙවි සැලක් අද (19) පස්වරුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් වැටලු බව එම අධිකාරිය පවසයි.

මුඛ ආවරණ සඳහා රජය මගින් රුපියල් 50 ක උපරිම සිල්ලර  මිලක් නියම කර තිබියදී මෙම ස්ථානයේ රුපියල් 90 ත් - 100 ත් අතර මිලකට මුඛ ආවරණ අලෙවි කරන බවට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබිණි.

වැඩි මිලට අලෙවි කරමින් තිබූ මුඛ ආවරණ 59 ක් අධිකාරිය  භාරයට ගත් බවත් සැකකාර  ඖෂධහල් හිමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද එම අධිකාරිය පවසයි.

මෙම මුඛ ආවරණ කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිර්දේශ නොකළ ප්‍රමිතියෙන් තොර බාල ඒවා බවද අධිකාරිය වැඩිදුරටත් පවසයි.

 

 

 

 

 



අදහස් (3)

මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳ සැලක් වටලයි

තරිදු Thursday, 19 March 2020 03:03 PM

රටේ මිනිස්සුන්ට සල්ලි දීලාවත් ගන්න එක මුඛ ආවරණයක් වත් ෆාමසි වල නැහැ.

:       0       0

Mahee Thursday, 19 March 2020 08:17 PM

ඔහොම වැටලීම්වලට යනකොට මතක ඇතුව අඹ ගෙඩි දෙකතුනකුත් අරන් යන්න. නැත්නම් පැයෙන් එලියට එනවා.

:       0       0

Perera Friday, 20 March 2020 02:03 AM

මම ඉන්න රටේ සායනික මුඛ ආවරණ 50ක පෙට්ටියක් ගන්න ඩොලර් 250ක් ( ලංකාවේ මුදලින් රු 30,000ක් ) ගෙව්වා මම. ඒ තරමට හිඟයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 114 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site