IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි

කොරෝනා රෝගයෙන් මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10 000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එරට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති වාර්තා වලට අනුව මේ වනවිට මෙක්සිකෝවේ සමස්ථ මරණ සංඛ්‍යාව 10 167කි.
 
පසුගිය පැය 24 තුළ පමණක් මරණ 237ක් වාර්තා වී ඇත.
 
මෙක්සිකෝවේ මේ වනවිට වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 93 435 කි.
පසුගිය පැය 24 තුළ රෝගීන් 2 771ක් තහවුරු විය.
 
රට තුළ සිදුකරන පරීක්ෂණ අඩු මට්ටමක පවතින හෙයින් මෙක්සිකෝවේ සත්‍ය ආසාදිතයන් සංඛ්‍යාව මෙම ගනනය කිරීම් වලට වඩා ඉහල අගයක් වියයුතු බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබේ.
 
කෙසේවුවද රතු කළාප ලෙස සලකුණු කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ වල සමාජ දුරස්ථ පියවර ඉවත් කරන බව මෙක්සිකෝ රජය නිවේදනය කර ඇත.

ආර්ථික හානිය අවම කිරීම සඳහා නැවත සේවා ආරම්භ කළ යුතු බව රජයේ මතය වී තිබේ.
 
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ලොව හත්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරන්නේ මෙක්සිකෝවයි. 
 
ආසාදන ද ඉහල යමින් පවතින හෙයින් මෙක්සිකෝ ජනපති මැනුවෙල් ලෝපේස් ඔබ්‍රඩෝර්ගේ මෙම ක්‍රියා කළාපය දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ.
 
මෙම සතියේ ජනාධිපතිවරයා රට පුරා සංචාරය කිරීම ආරම්භ කළේය.
 
සංචාරක හිඟය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති කැන්කන් නගරයට ද ඔහු ගියේය.
සීමාවන් ලිහිල් කිරීමෙන් වයිරස රෝගීන් වැඩිවන්නේ නම් නැවත වසා දැමීමකට ද සූදානම් බව ජනපතිවරයා එහිදී පවසා සිටියේ ය

කැන්කන්, ටූලම් ඇතුළු තවත් බෝහෝ සංචාරක ආකර්ශණීය ස්ථාන පිහිටා ඇති ක්වින්ටා රූ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ සංචාරකයින් සඳහා ප්‍රාන්තය නැවත විවෘත වන බවයි.
 
එසේ වුවද වයිරසය දැඩි ලෙස ව්‍යාප්ත වූ මෙක්සිකෝ නගරයේ සමාජ දුරස්ථ රීතීන් ඉවත් කරන්නේ කවදාද යන්න පවසා නොමැත.
 
හැකි සෑම විටම නිවෙස් වල රැඳී සිටින ලෙස එහි නගරාධිපති ක්ලෝඩියා ෂයින් බෝම් නිවැසියන්ගෙන් ඉල්ලා ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site