IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බස් - දුම්රිය ආසන ගණනට මගීන් ප්‍රවාහනයට අවසර

(ඩයනා උදයංගනී)

ඇඳිරි නීතිය තවමත් ක‍්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්කවල ධාවනය කෙරෙන දුම්රිය හා බස් රථ වල ආසන ගණනට මගීන් ප‍්‍රවාහණය කිරීම සදහා හෙට (13) සිට අවසර ලබාදෙන බව ප‍්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දුම්රියවල ගමන් කරන මගීන් වෙනුවෙන් ප‍්‍රවේශපත‍්‍ර හා වාර ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම ද හෙට (13) සිට ආරම්භ කරන අතර එසේ ප‍්‍රවේශපත් ලබාගන්නා පිරිස් තම ආයතනයේ හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද ඇමතිවරයා සදහන් කළේය.

මෙසේ පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී අසුන්ගෙන මිස සිටගෙන ගමන් කිරීම තහනම් බව ද ඇමතිවරයා පැවසීය.
 
වෙනත් දිස්ත‍්‍රික්කවලින් ගමන් ආරම්භ කරන දුම්රිය හා බස්රථවලට ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවලින් මගීන් පැමිණීම සීමා කරන අතර එම දිස්ත‍්‍රික්කවල සිට රැකියා සදහා පැමිණෙන අය වෙනුවෙන් වෙනම සේවාවන් ක‍්‍රියාත්මක වන බව ද අමාත්‍යාංශය පවසයි.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා විධිමත් ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙනයාම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (12) පැවති අතර එහිදී මෙම තීරණ ගෙන තිබේ.
 
ඒ අනුව සියලූම පෞද්ගලික බස් රථ ද හෙට (13)  සිට ධාවනය කරන ලෙස බස්රථ හිමියන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

මෙම පොදු ප‍්‍රවාහන සේවාවල මගීන් ප‍්‍රවාහනයේදී රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා සඳහා අදාල පැමිණෙන පිරිස් සඳහා ප‍්‍රමුඛත්වය ලබාදෙන බව ද ඇමතිවරයා කීවේය.

තම ගමන් බිමන් අත්‍යාවශ්‍යම කාරණා සඳහා පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් සඳහා ප‍්‍රවාහණ සේවා යොදා ගනොගන්නා ලෙසත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමති මහින්ද අමරවීර මහතා කීවේය.
 

දුම්රිය හා බස් රථවල ගමන් කිරීමේ දී මුව ආවරණ පැළඳසිටීම අනිවාර්යය වන අතර මුව ආවරණ නොමැති කිසිවෙක් ඒවාට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා පැවසීය.

බස්රථවල ගමන් ගන්නා මගීන් බස් රථයට පසුපස දොරෙන් ඇතුලූව ඉදිරි පස දොරෙන් බැස යා යුතු අතර සෑම බස් රථයකම ජනතාවට දෑත් පිරිසි`දුකරගැනීම සදහා විෂබීජනාශක තිබිය යුතුය දුම්රිය ස්ථාන හා බස් නැවතුම් පොළවල අත් සෝදා ගැනීමේ පහසුකම් සළසා තිබෙන බව ද ඇමතිවරයා කීවේය.
 
                
 



අදහස් (5)

බස් - දුම්රිය ආසන ගණනට මගීන් ප්‍රවාහනයට අවසර

saliya Tuesday, 12 May 2020 01:33 PM

හෙට කියාවිද 15 ක් 20 ක් හිට ගෙන ගියත් කමක් නැහැ කියලා...

:       2       120

සඳුන් Tuesday, 12 May 2020 02:07 PM

මෙය දේශපාලන තීන්දුවක්ද? සෞඛ්‍ය රීතිවලට අනුකූල තීන්දුවක්ද?

:       2       125

rohana kumara mendis Tuesday, 12 May 2020 02:35 PM

ඔව් ඉතින් හෙට අනිද්දා ඡන්දෙනේ අනේ... සීට් ගානට කියන්නේ සීට් තියෙන්නේ මීටරයක් ඇතින්ද දන්නේ නැහැ..?

:       0       0

Samitha Senaka Aluthgamage. Tuesday, 12 May 2020 02:52 PM

සමාජ සංස්ථාව තුල ආසාදිතයන් නොමැතියි සිතනා උපකල්පන රාමුවේ සිට කල්පනා කලොත්, සීට් ගානට මගීන් ගෙනියන්නට පුළුවන්. මීටරයේ පරතරය නම් නැහැ. ආසාදිතයෙකු සිටියොත් නම් ඇමතිට මොනවා වෙයිද? දෙවියෝ දනී ... අප නොදනී ...

:       0       0

සමන්ත Tuesday, 12 May 2020 04:27 PM

මට මේ තීරණය ගැන ගැටලුවක් තියෙනවා. ඇදිරි නීතිය නැති පෙදෙස්වල විතරයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. අවිස්සාවේල්ලේ ඉදලා එන දුම්රියන්ට මෙය බලපාන්නේ නැත. මොකද එම දුම්රිය ගමන් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල නිසා. නමුත් බෙලිඅත්ත, හලාවත, මහව, මහනුවර සිට එන දුම්රියන් එම ප්‍රදේශවල ඇදිරි නීතිය නොමැති නිසා සියලුම ආසනවල මගීන් එයි. ඉන්පසුව මහනුවර සහ මහව සිට එන දුම්රිය අඹේපුස්ස සිට ඉදිරියට ධාවනය කරන්නේ කෙසේද? මොකද දැන් දුම්රිය ගම්පහ දිස්ත්‍රික්කයේ පලමු දුම්රිය ස්ථානයට ලගා වෙලා. එහෙම වුනොත් නිරෝදායන නීති කඩ කීරිමක් වෙනවා නේද? එසේම හලාවත සිට එන දුම්රිය කොච්චිකඩේ දී එම මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පලමු දුම්රිය ස්ථානය හමු වෙනවා. එසේම මුහුදු බඩ මාර්ගයේදී කොරළවැල්ල දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පලමු දුම්රිය ස්ථානයයි. එම දුම්රිය ස්ථානය වලදී නිරෝදායන නීතියට අනුව මගින් ගෙන යනවාද? මේ වගේ තීරණ ගන්නේ ඇයි..? බස්රථවලදී මෙය වැඩි ගැටලුවක් නොවිය හැක. ඒ පලාත් මාරුවීමක් නොවන නිසා. නමුත් කලුතර දිස්ත්‍රික්කයේ සිට එන බස්රථ සදහා ද මෙය බලපානවා ඇත.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site