IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෙලිඅත්ත දුම්රියපොළට පැමිණි සියලු දෙනාට දුම්රියෙන් යාමට අවසර

(අනීෂා මානගේ)

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 5.10ට පිටත් වූ දුම්රියෙන් යාමට පැමිණි විශාල පිරිසක් හරවා යැවීමට සිදුවීම හේතුවෙන් ඊයේ දුම්රිය ස්ථානයේදී කලබලකාරී තත්ත්වයක් ඇති විය.

කෙසේ වුවද අද දින දුම්රියෙන් යාමට පැමිණි 34 දෙනකුට ගමන් කිරීමට අවස්ථාව උදාවිය.

දුම්රියෙන් යාමට පැමිණි සියලුම දෙනාගේ සේවා හැඳුනුම්පත් පරීක්ෂා කර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ට විශේෂ අංකයක් ලබා දී ආසන ලබා දීමට කටයුතු කරනු ලැබීය. තවද නිරෝධායන නීතිවලට අනුව මගීන් ආසනගත කිරීමද සිදුකෙරිණි.

 

 



අදහස් (3)

බෙලිඅත්ත දුම්රියපොළට පැමිණි සියලු දෙනාට දුම්රියෙන් යාමට අවසර

beliate Thursday, 14 May 2020 02:38 AM

ඡන්ද 34 බේරගන්න එක වටිනවනෙ කොරෝනා වලට වැඩිය...

:       0       0

සමන්ත Thursday, 14 May 2020 05:27 AM

දැන් මේ දුම්රියන් මේ විදිහට ධාවනය කරනවා ඇත. නමුත් කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලු වීමේදී නිරෝධායනය නීති ක්‍රියාත්මක කරන්නේ කෙසේද ? ඊයේ දැක්කා කුරුණෑගල සිට කොළඹ දක්වා පැමිණෙන මගීන් කිව්වේ බස් රථයේ ආසන ගත මගීන් ගෙනයා හැක්කේ වරකාපල දක්වා පමණයි කියලා. පසුව නිරෝධායන නීති අනුව යා හැක්කේ මගීන් 25 කට පමණි. එයට හේතුව වරකාපලින් පසු වීමත් සමග කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික් මායිම් හමුවීම.අනේ මන්දා මේ වගේ තීරණ ගද්දී ප්‍රයෝගික විය යුතු නොවේද ? එසේ නම් බස් රථයේ ඉතිරි මගීන් වෙනුවෙන් වරකාපලදී වෙනත් බසයක් ලබා දිය යුතුයි. මෙච්චර දවස් සෞඛ්‍ය අංශ හමුදාව ජනාධිපති වරයා ප්‍රයෝගික විසදුම් දුන්නා. ඇමැතිවරයෙක් දුන්නු විසදුම නිසා ජනතාව ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක මායිම් වලදී දුක් විදිනවා. A1 මාර්ගයේ වරකාපලට නුදුරින්, A3 මාර්ගයේ තෝප්පුව හන්දිය පසුවී, A2 මාර්ගයේ පානදුර පසුවු පසු, A4 මාර්ගයේ අවිස්සාවේල්ලට නුදුරින්. දුම්රියද මේ අයුරින්ම ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ, ගම්මුපහ දිස්ත්‍රික්කයේ ආරම්භක දුම්රිය ස්ථාන වන අතර මුහුදු බඩ මාර්ගයේ කොරලවැල්ල යන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ.

:       0       33

Jayalath Thursday, 14 May 2020 05:55 AM

අන්න හරියට වැඩක් කරගන්න හැටි. මගීන් සහ නිලධාරීම් මොලේ පාවිච්චි කරන හැටි පෙන්නන්න හොද උදාහරණයක්.

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13274 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site