IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෙලිඅත්තෙන් සියලු මගීන් දුම්රියට

( චන්ද්‍රසේන ගමගේ)

කලින් ආසන වෙන් කිරීමකින් තොරව රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට දුම්රියේ ගමන් කිරීමට දුන් අවසරයත් සමග බෙලිඅත්ත දුමිරිය ස්ථානයට අද (18) අලුයම 200 ක පමණ පිරිසක් පැමිණි අතර ඔවුන් සියළු දෙනාටම දුම්රියේ ගමන් කිරීමට අද දිනයේදී අවස්ථාව හිමි වූහ.
 
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට විශේෂ දුම්රියක් අද (18) අලුයම 5.10ට  කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණි.එම දුම්රියේ ගමන් කිරීමට පැමිණි මගීන් ගේ සේවා ස්ථානයේ අදාළ ලියකියවිලි හෝ සේවා හැදුනුම් පත පරීක්ෂා කිරීමෙන් අනතුරුව දුම්රිය ප්‍රවේශපත් නිකුත්කළ අතර මගීන් සදහා ආසන වෙන් කීරීමක්ද සිදු කරුණු ලැබීය.
 
වෙනත් දින වලට වඩා මගීන් සංඛ්‍යාවක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණීම නිසා අද අලුයම 5.10ට පිටත් වීමට තිබූ දුම්රිය කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කරනු ලැබූවේ අලුයම 5.45 ය .
 
අද දිනයේදී බෙලිඅත්තෙන් පිටත් වූ දුම්රිය කොළඹ කොටුවට ළගා වීම සදහා  පැයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.



අදහස් (3)

බෙලිඅත්තෙන් සියලු මගීන් දුම්රියට

janahitha Monday, 18 May 2020 03:27 AM

දුම්රිය දෙපාර්තුමේන්තුවට මේ කෝච්චි පෙට්ටිවල තීන්ත ටිකක් දැකුම් කළු පාටකින් අලේප කරන්න බැරි කම්මැලි නිලදාරීන් ද ඉන්නේ?

:       0       1

duminda Monday, 18 May 2020 06:00 AM

බෙලිඅත්තෙන් විතරද ? අනිත් දුම්රිය පොළවල් වල රෙජිස්ටර් කරපු අයටත් සල්ලි දීල ටිකට් ගන්න දුන්නේ නෑ....

:       1       2

sunilMonday, 18 May 2020 07:49 AM

එහෙම තමයි.. එක රටක් එක නීතියක්... දකුණ කියන්නෙ වෙනම රටක්ලුනේ.. ඒක හින්ද ඉවසන් ඉන්න..

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site