ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඒ අනුව බ්‍රසීලයේ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පසුගිය පැය 24 තුළ වාර්තා වී තිබේ.
මේ වන විට එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 271,628 දක්වා සහ මුළු මරණ සංඛ්‍යාව 17,971 දක්වා ඉහළ ගොස් තිබේ.
ලතින් අමෙරිකාව තුළ කොරෝනා වයිරසය පැතිරීමේ අපිකේන්ද්‍රය බවට පත්වී ඇති බ්‍රසීලය අමෙරිකාවට හා රුසියාවට පසුව ලොව තුන්වැනියට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වී ඇත.
සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ රට තුළ සිදුවන පරීක්ෂණවල අඩුව හේතුවෙන් සත්‍ය සංඛ්‍යාලේඛන මීට වඩා වඩා ඉහළ යා හැකි බවයි.
ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරි සතිවලදී වසංගතයේ පැතිරීම මඟින් එරට සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි ඔවුහු සඳහන් කරති.
ජනපති ජායිර් බොල්සොනාරෝ මහතා වයිරසයෙන් එල්ල වන තර්ජනය අඩු වැදගත්කමකින් සලකා ඇති අතර වයිරසය පැතිරීම වැළක්වීමට ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් දැඩි සීමා පැනවීමට පියවර ගැනීම ද ඔහු විසින් විවේචනයට ලක්කර තිබේ.
(බීබීසී ඇසුරෙනි)
-226-
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
162
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බ්‍රසීලයෙන් දිනකදී කොරෝනා රෝගීන් 17,000 ක්