(සමන් පාලිත නානායක්කාර)
ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පැවසීය.
නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා පැවසීය.
ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම නගර වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කළ බව පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා සඳහන් කළේය.
ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
හෙට (30) වසා දමන නගර වල සියලුම වෙළඳ සැල් වසා තැබීමට ද වෙළඳසැල් හිමියන් එකඟ වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
මාසෙකට විතර ඉස්සෙල්ල තැනක කියැව්වා ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 10,000ක් වෙන්න පුළුවන් කියල. මාර්තු 6 ජනාධිපතිවරයා කිව්වා එක ලෙඩෙක්වත් නැහැ කියල. ඊට පස්සේ කිව්වා තාම 11යි කියල. රටම වහන්න තරම් උවමන්වක් නැහැ කියල. දැන් 115ක්. ජනාධිපතිතුමා සහ ආණ්ඩුව මෙතෙක් කල් හංගන් හිටිය කොරෝන රෝගීන් සංඛ්‍යාව සහ ඔවුන් නිසා අසාදිත විය හැකි ගණන දැන් ඔන්න එලියට එනවා. පහුගිය දවස් වල අද රෝගීන් නැහැ ඊයෙත් හිටියේ නැහැ ප්‍රස්ථාරේ පහලට ඇවිල්ල කියල කියපුව දැන් බොරු බව ඒගොල්ලෝම ඔප්පු කරනවා. බලාන යනකොට ලංකාව පුරාම කොරෝන රෝගීන් ඉඳල තියෙනවා. අශ්වයා ගියාට පස්සේ දැන් ඉස්තාල ටික වහගෙන වහගෙන යනව. අගැමති සහ ඇමති මණ්ඩලය පැත්තකට කරලා වියත්තු සහ හමුදාව එක්ක කාර්ය සාධක බලකා හැදුව. 3ක්ද කොහේද දැන් තියෙනවා. ඊට පස්සේ හාමුදුරුවරු දාල කියවනවා. ඇමතිවරු සහයෝගය දෙන්නේ නැහැ කියල. මහින්ද ඉන්න කොට MCC එහෙම අත්සන් කරන්නත් බැහැනේ. මේ කරන්නේ මොකක්ද? චන්දයක් තියෙනවා. කැපිල්ල දාන්නේ කියල මම කිව්වේ 2019 අගෝස්තුමයි. හොඳ වැඩේ අර ගොල්ලන්ට.
Champa මිය, ඔබට ඇත්තේ කොරෝනා රෝගය ව්‍යාප්ත නොවීම පිළිබඳ දුකක්... ඊයේ බීබීසී වාර්තාකරු ද ලෝකයට පවසා සිටියේ ලංකාව ඉතා හොඳින් සැලසුම් සහගතව මෙයට මුහුණ දෙන බවයි. පොහොසත් UK වලට වඩා ලංකාව ඉදිරියෙන් සිටින අතර මේ ව්‍යවසනයෙන් තම පුද්ගලික ආරක්ෂාවටත් මේ රට වඩා හොඳ බවයි. මට හිතෙන්නේ ඔබ එය නරඹා ඇති බවකි.
Champa - සියලු දෙයම දේශපාලන ඇසින් නොබලන්න පුරුදු වෙන්න. විදෙස්ගතව සිට පැමිණියවුන් නිරෝධායනය නොවී සැඟවී සිටීම නිසා මෙය රට පුරා පැතිර ගිය බව අප සැවොම දනිමු. නිරෝධායනයට යැවීම ගැන උරණ වූ අය ගුවන්තොටුපලේදී හැසිරුණු අමන ආකාරය ඔබද දකින්නට ඇත. සැගවී සිටින අයට නිරෝධායනය වෙන්න කියා කොතරම් නම් ඉල්ලීම් කළාද කියා අප දනිමු. එසේත් නොහැකි තැන ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කරන්නට සිදු විය. එසේ රජයක් ලෙස ඔවුන් තමන්ට හැකි සැම දෙයක්ම කළ බව සහ කරන බව අප දනිමු. එය කොතෙක්ද යත් විදෙස් රටවල පවා ඇගයීමට ලක් විය. නමුත් අවාසනාවකට තම රටේම සිටින ඇතැම් ඊනියා "දේශප්‍රේමින්ට" එහි වටිනාකමක් දැනෙන්නේ නැත. හේතුව ඔවුන්ගේ දෑස් "පක්ෂ දේශපාලනය" යන කඩතුරාවෙන් වැසී තිබීමයි, නැතහොත් විදෙස් ප්‍රවෘත්ති ගැන ඔවුන්ගේ දැනුමක් නොමැති කමයි, එසේත් නැත්නම් කුහක කමයි. ඕනෑම රටක මෙවන් අමනයින් සිටියත් සාපේක්ෂව අපේ රටේ ඔවුන්ගේ ගහනය වැඩියි.
කොරෝනා වෛරසය තවත් පැතිරවීමට ඇතැමුන් චේතාන්විතව කටයුතු කළේ දැයි සැකයක් විමර්ශන කටයුතුවලදී මතුව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මේ දිනවලදී කොරෝනා වෛරසය වැළඳුණු ඇතැම් රෝගීන් ගේ හැසිරීම ගැන සැලකිලිමත් වීමේදී මේ බව හෙළි වන බව ඔහු කියා සිටියේය. ඇතැම් රෝගීන් ඒ තරමටම තොරතුරු බොහොමයක් වසන් කර ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව අසත්‍ය තොරතුරු ලබා දුන් රෝගීන් තිදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.
චම්පා අපරාදේ වචන ගොඩක් ලියන්න මහන්සි වෙලා.. "මම යූ.එන්පී. මේ ජනාධිපතිට විරුද්ධයි. කිව්වා නම් ඇති.