සුප්‍රසිද්ධ ආගමික පූජකවරයකුගේ අවමංගල්‍ය උත්සවයකට දස දහස් ගණනක් සහභාගී වීමත් සමඟ ගම්මාන හතක් සම්පූර්ණයෙන් වසා දමා දැඩි සීමා පැනවීමට බංගලාදේශ බලධාරීහු අද (20) පියවර ගත්හ.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා පනවා තිබියදී මෙලෙස ආගමික පූජකවරයාගේ අවමංගල්‍ය දස දහස් ගණනක් සහභාගී වී ඇත.
බංග්ලාදේශයේ ඩකා අගනුවරට කිලෝමීටර 60ක් ඈතින් පිහිටි බ්‍රහ්මාන්බාරියා දිස්ත්‍රික්කයේ මවුලානා ජුබයර් අහ්මෙද් අන්සාරි පූජකවරයාගේ අවමංගල්‍ය උත්සවයට එලෙස දහස් ගණනක් සහභාගී වී ඇත. මේ හේතුවෙන් විශාල පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් නිර්මාණය වී ඇත.
බංග්ලාදේශයේ ජනගහනය මිලියන 160කට ආසන්න වන අතර එරට සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍ය යටිතල පහසුකම් දුර්වල තත්ත්වයක පවතී. මේ හේතුවෙන් එරට තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇත.
‘‘අපි ගම්මාන හතක් සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගත්තා. දින 14ක් යනතුරු නිවාසවලින් පිටතට නොපැමිණෙන්නැයි නියෝග කළා. සෙනසුරාදා පැවැති අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ කාට හෝ වයිරසය ආසාදනය වී ඇත්දැයි එයින් සොයාගන්න පුළුවන්’’ යැයි ප්‍රාදේශීය පොලිස් නිලධාරියකු රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් බංගලාදේශ බලධාරීහු අප්‍රේල් 25 දක්වා සම්පූර්ණයෙන් රට වසා දැමූහ.
අද (20) පස්වරු වනවිට බංග්ලාදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,948ක් ලෙස දැක්වුණු අතර මරණ ගණන 101ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා කොතරම් අනතුරු අඟවා තිබුණ ද බලවත් ආගමික නායකයෝ මුස්ලිම් දේවස්ථානවලට කුඩා කුඩා කණ්ඩායම් කැඳවති.
සිකුරාදා දේව මෙහෙයවලට තවමත් ඇතැම් පිරිස් සහභාගී වනු බංග්ලාදේශ බලධාරීහු තවදුරටත් ප්‍රකාශ කළහ.
රොයිටර්ස්/අල්ජසීරා
055
COMMENTS
ඔවුන් දෙවියන් ආසන්නයටම ගොස් සිටියි...
තම්බිලගේත් අවසානේ වගේ? පව්.
කියන දේ නාහන එකා ඉහල ගියත් එකයි, පහල ගියත් එකයි කියලා කියනවානේ, තහනම නොතකා යනවනම් යන්න අරින්න තියෙන්නේ එතකොට මැරිලා හරි ඉවරයක් වේවි නෙව. මොලේ කලඳක් වත් නැති බව මේකෙන්ම පේනවා හොඳ වෙලාවට ඔය නරි නාටක දැන් මෙහෙ වානා නැත්නම් දැක්ක නෙව කොරෝන ලෙඩ්ඩු පුච්චනවට දමපු පාට්
මිනිස්සු මෙච්චර මෝඩද? මම හිතුවේ දකුණු ඉන්දියාවේ අය විතරයි කියල.
මේ රටේ ජනගහනය මිලියන 160. සියයට 1 ක් මැරුනොත් ඕනනම් ලක්ෂ 16 ක් මැරෙයි. ඒ වගේද ආගම ? කොච්චර වටිනවද ?
ඇහැට නොපෙනෙන නිකන් ඉන්න දෙයියෝ කෝප කර ගන්න එපා. කොරෝන හැදිලා මැරුණත් කමක් නැහැ.
බංගලිදේශය කියන්නේ බොන්න වතුරවත් නැති රටක් ඉතා නොදියුණු මට්ටමේ මුඩුක්කු සහිත පරිසරයක් දැක අගනුවර පවා තිබෙන්නේ ඒ වගේම හරිම අහිංසක මිනිස්සු ලංකාවට සමාන නෑකම් කියන ජාතියක් ගොඩක් සිංහල වචන පාවිච්චි කරනවා. ඔවුන් අන්තවාදීන් නොවෙ... කිසිවිටක නමුත් සමාජීය වශයෙන් ඉතා පහල මට්ටමක් තියෙන්නේ...