බංගලාදේශයේ කොක්ස් බසාර්හි පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුරේ රෝහින්ග්‍යා සරණාගතයින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
ඔවුන්, රෝහින්ග්‍යා සරණාගතයින් මිලියනයක් පමණ වෙසෙන එම කඳවුරේ තහවුරු වූ පළමු රෝගීන් වේ.
ආසාදිතයින් වෙන්කර ප්‍රථිකාර කරන බවත් පරීක්ෂණ සඳහා යොමු කළ යුතු සරණාගයින් 1 900ක් පමණ හුදකලා කර ඇති බවත් වෛද්‍යවරු පවසති.
කොරෝනා පැතිරීමට ඉඩ ඇති බැවින් කඳවුර මාර්තු 14 වනදා සිට අගුලු දමා තිබිණි.
අධික තදබදයෙන් යුතු මෙම කඳවුරේ වෛද්‍ය පහසුකම්, පිරිසුදු ජලය, ඇතුළු බොහෝ අවශ්‍යතා සීමිත බැවින් කොරෝනා පැතිරීමෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට සති ගනනාවක් තිස්සේ අනතුරු අඟවා තිබිණි.
කඳවුරේ වර්ග කිලෝමීටරක සරණාගතයින් 40 000 - 70 000ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුවේ බංගලාදේශ අධ්‍යක්ෂ මනීෂ් අග්‍රවාල් පෙන්වා දෙයි.
මේ සම්බන්දව අදහස් දක්වමින් බංගලාදේශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ෂාමි ජහාන් පවසන්නේ කොරෝනා රෝගයෙන් සරණාගත කඳවුරේ දහස් ගනනක් මිය යාමේ අවදානමක් පවතින බවයි. වසංගතය හේතුවෙන් බංගලාදේශය දැඩි පසුබෑමකට ලක්වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.
(බීබීසි ඇසුරිනි - 085)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බංගලාදේශයේ කොක්ස් බසාර්හි ලොව විශාලතම සරණාගත කඳවුරේ දෙදෙනකුට කොරෝනා
Prabha Friday, 15 May 2020 11:03 AM
අපේ නාවික හමුදාව වැඩි අවධානයෙන් ඉන්න වෙවි...
සේන Friday, 15 May 2020 12:27 PM
උපන් රටට ගරහන මිනිසුන් නැවත උපදින්නේ මේ වගේ සරණාගතයින් ලෙස. මනුස්ස උත්පත්තියක් ලැබුවොත්...