(ඩයනා උදයංගනී)
මහ මැතිවරණය ජූනි 20 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබුණත් රටේ පවතින තත්ත්වය අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න ගැටලූවක් බව එක්සත් ජාතික පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මේ අවස්ථාවේ රජය කටයුතු කළ යුත්තේ මැතිවරණයක් වෙනුවෙන් නොව, ජනතාවගේ ජීවිත ආරක්ෂාව මුල්තැන ලා සලකමින් බව ද පාඨලී චම්පික මහතා කීවේය.
රජය කොවිඞ් 19 වසංගතය මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය විද්‍යාත්මක ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට රටේ සමස්ථ ජනතාවගේ ජීවිත අනතුරේ දමමින් බල දේශපාලනික ප‍්‍රවේශයක් යටතේ කටයුතු කරමින් සිටින බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් බැහැ .
හොඳටම බය වෙලා.
ඔබගේ අසහස් එක්ක රටේ මිනිස්සු බහුතරය එකඟයි. මේක බරපතල ව්‍යසනයක්. කවුරුවත් මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ නැහැ.
මෙතුමාගේ බුද්ධියත් එක්ක හැප්පෙන්න බැහැ කාටවත්ම. උගත් බුද්ධිමතෙක්.
අම්මපා ....ඉඩෝරය අවසන්වෙලා වහින්න පටන්ගන්න කොට ටික ටික මේ එලියට එන්නේ.... කොහොමත් ලැජ්ජාව කියන දෙය තේරෙන්නේ නැහැනේ.
කොරෝනා වලින් මියයන හැම මිනිසෙක් වෙනුවෙන්ම මේ රජය වගකියන්න ඕනා. එපමණක් නොවෙයි වසංගතය පැතිරිලා ගියොත් .. හිතාමතාම ජිවිත හානි කලබවට චෝදනා කරමින් ජාත්‍යන්තර උසාවියේ නඩුවක් පවරනවා.
ලෝකේ බොහොමයක් රටවල් මේ වසංගතේ යන්තම් හොඳ අතට හැරෙද්දී සාමාන්‍ය ජන ජිවිතේ යතතා තත්වෙට ගෙනෙන්න උත්සහ කරනවා. මේ කට්ටිය මෙතරම් යන්තමින් වසංගතේ බෝවෙලා තිබෙන රට දිගටම බකන් නිලාගෙන තියන්න උත්සහ කරනවා.
මේ මොහොතේ මැතිවරණ කටයුතු පිලිබන්ධව බලධාරීන් මැතිවරණ කොමිසම විනා රජය නොවන බව මෙතුමාට කියාදෙන්න කෙනෙක් එතන හිටියේම නැත්ද?
ඔහෙලාම පිහිටවූ ස්වාධීන මැතිවරණ කොමිසමයි දින නියම කලේ. ජනාධිපති නොවෙයි.
අපි මේ පාර ගෙදර යමු නේද මන්ත්‍රී තුමා...?
ඔන්න ජනතාවාදී නායකයෝ... මිනිසුන් ගැන හිතන්නේ මෙවැනි උතුමන්... ආණ්ඩුව බලන්නේ කොහොම හරි බලය ගන්න විතරයි...!!!
සුදු රෙදි පොරොවාගත් වෘකයන් පිළිබදව බාලාංශයේ දරු දැරියන්ට " හදුනා ගැනීමට, පෙන්වීමට පහදාදීමට " මෙය තරම් කදිම උදහාරණයක් තවත් තිබේද ?
බලය සඳහා රතුපාටින් පටන්ගෙන, නිල්, කහ, කොළ පාටවලට හැරී දැන් කළුපාටවී ඇති ඔබේ අදහස් දැන් කිසිවෙකුට නොවටී.
ඔහෙලගෙ ස්වාධීන මැතිවරණ කොමිසමේ තීරණ. ජනාධිපතිතුමා ඔය කුනුගොඩට ඇත දමන්නේ නැහැ. කවදා තිබ්බත් එතුමන්ලා ආණඩුව පිහිටවනවා. අර කවුද හාදයෙක් කිව්ව විදිහට ඇමරිකන් විදිහට කොරෝනාවලට මුහුණ දෙන්න ගියා නම් මේ වනවිට අපි ඉවරයි.