පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි එක්සත් රාජධානියේ විපක්ෂයේ පක්ෂ ඉල්ලීමක් කර ඇත.
එරට විපක්ෂයේ සියලු පක්ෂ එකට එක්ව එම ඉල්ලීම කර ඇති අතර කන්සවටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ද ඊට එක්ව සිටිති.
බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ නව නායක කියර් ස්ටාමර් මේ සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයේ නායකයාට ලිපියක් ද යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ කඩිනමින් සාකච්ඡා කළ යුතු බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.
ජාතික ව්‍යසනයක් ඇති වී තිබෙන මේ මොහොතේ ආණ්ඩුව කරන වියදම් සොයාබැලීම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විමසා බැලීම යනාදියට පාර්ලිමේන්තුව කැඳවීම හැර වෙන විකල්පයක් නැතැයි ද ඔහු තවදුරටත් පෙන්වා දී ඇත.
ද ගාඩියන්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යළි කැදවන්න කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තු නෙවේනේ.කලබල වෙන්න දෙයක් නෑ.
ඔබ රටේ මහා ව්‍යසනයක් ඇති කාලයේ එයින් මිදෙන්න වඩාත් ප්‍රායෝගික පියවරවල් ගන්න. කොරෝනාවෙන් මිය යන ප්‍රමාණය වත් අවම කර ගන්න. අපේ දේවල් අපි බලා ගන්නම්.
ලංකාවෙ මිනිස්සු නම් නියමෙට ගොනාට අන්දවල තියෙනවා... ඒකාධිපති ගමනකට පාර කපාගන්න.
අපේ රටෙ නම් ඔය කෙහෙල්මල ආයේ නොකැදවන්නැයි කියා අපි ඉල්ලා සිටිනවා. මේ යන විදිහ හොඳටම හොදයි..., රටේ ජනාධිපතිට කොන්ද කෙලින් තියාගෙන තීන්දු ගැනීමේ බලයත් දැන් තියෙනවා. සුදුස්සන් සුදුසු තැන්වලට පත් කරලා තියෙනවා. රටේ ආරක්ෂාවට සෞඛ්‍ය අංශවලට අහුන්කන්දෙන නායකයෙක් ඉන්නවා තවත් මැතිවරණවලට මුදල් නාස්ති නොකර මේ විදිහටම ඉදිරියටම යන්න. මොකද අපේ රටේ පාර්ලිමේන්තුව කැදවන්නැයි ඉල්ලන්නේ කපටි දේශපලකයෝම විතරයි, පොදු මහජනතාව නෙවෙයි.
දැන් එංගලන්තෙත් ලංකාවේ විපක්ශෙන් ඉගෙනගෙන වගේ.
අපේ පට්ටියේ ඉන්න විශ්‍රාම වැටුප් ලබාගන්න දින ගණන අඩුවුණු " ගොන් බුරුවන් "ටිකත් උඩු බුරයි ,තප්පුලන්න ගනියි, උම්බෑ හඩ තලයි අනේ ඉක්මනට පට්ටිය අරින්න අපිට මහජනතාව වෙනුවෙන් සේවය කරන්න වැනි අනේකවිද අදෝනා නගයි ...
මෙ අය තමයි හිතාගෙන ඉන්නේ ඒ අයගේ කොලනියක් කියලා ලංකාව... මෙ ක‍්‍රමය අපිට හොදයි.. බැංකු හොරුන්ට වැඩිය.
රටක ව්‍යවසන තත්වයක් තිබෙන විට ප්‍රජාතාන්ත්‍රික රටක පාර්ලිමේන්තුව කැඳවීම සාමාන්‍ය දෙයක්.., පාර්ලිමේන්තුවේ ඉන්න රතරන්ලාගේ සහ බැංකු හොරුන්ගේ කොලිටියක් නැති එක සත්‍යයක්... නමුත් අමතක කරන්න එපා ඔවුන්ව පාර්ලිමේන්තු යැවුවේ රටේ ඡන්ද දායකයින් කියලා...