IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


පැය 24 ක් තුල ඉතාලියේ 627 ක් මරුට

පසුගිය පැය 24 තුල ඉතාලියේ කොරෝනා වයිරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 627ක් බව වාර්තා වේ. මේ අනුව ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව 4,032 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට වාර්තා වූ විශාලතම මරණ සංඛ්‍යාව බවත් බලධාරීහු පවසති.

කොරෝනා වයිරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළ රට ලෙස බ්‍රහස්පතින්දා(19) වනවිට ඉතාලිය චීනය අභිබවා ගියේය. රෝගය ආරම්භ වූ චීනයේ දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාව කිසි විටෙකත් 150 කට ඉක්මවා නොගිය බව සඳහන් වේ.


ඉතාලියේ රෝගීන් සංඛ්‍යාව 47,021 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර දිනයට වඩා 14.6% ක වැඩිවීමක් බව සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.  ලොම්බාර්ඩි හි උතුරු ප්‍රදේශය වඩාත්ම පීඩාවට පත්ව ඇති අතර මරණ 2,549 ක් සහ රෝගීන් 22,264 ක් වාර්තා වී තිබේ.

ආසාදනය වූවන්ගෙන් 5,129 ක් සිකුරාදා වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව දබලධාරීහු පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (7)

පැය 24 ක් තුල ඉතාලියේ 627 ක් මරුට

ආන්ජලෝ(රෝමය) Friday, 20 March 2020 07:49 PM

අන්තෝ ජඨා බහි ජඨා

:       0       0

NIMMI Friday, 20 March 2020 07:56 PM

ඉතාලි ජාතිකයෝ මැරුණු ගාන අපට වැඩක් නැහැ. ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ගේ මරණ ගණන කීයද? ඔවුන්ගේ නම් හා ලංකාවේ ලිපිනයන් ප්‍රසිද්ද කලොත් නේද හොඳ? එසේ නොකොළොත් අපේ අසල්වාසීන් වෙනුවෙන් දානයක් වත් අපට දෙන්න විදිහක් නැති වෙනවා.

:       1048       2

DilanSaturday, 21 March 2020 04:19 AM

දානෙ දෙන්න හදන්නේ මොන ආගමට අනුවද දන්නෑ. බුදු දහමේ නම් කියන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා. මෙවන් මිනිසුන් ඉඳිද්දී මේ වගේ වසංගත එන එකේ අරුමයක් නෑ.

:       0       4

Mf Friday, 20 March 2020 08:30 PM

තම තමන් අදහන ආගම මොකක් වුනත් කමක් නැහැ මේ වෙලාවේ ගෙදරට වෙලා ලෝක වාසීන් සියලු දෙනාටම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරමු.

:       0       50

පිටිගල මිලානෝ Friday, 20 March 2020 08:36 PM

මෙම දේහයට මගේ ගෞරවය පුදමි. (නිවන් සුව ලැබේවා...!) මෙම චායාරුපයේ තිබෙන දේහය කොරෝනා වයිරසය නිසා සිදුවූවක් නොවේ. එවැනි දේහයක් පුද්ගලිකව බාර ගත නොහැක. එනිසා මෙය වෙනත් හේතුවකින් සිදුවූ මරණයකි. කොරෝනා මරණවල ඊමේලයක් මගින් පමණක් තමා ආදරය කරන කෙනා අහවල් දින මියගිය බව ගැන දැනගත හැකිවේ. උපරිමය එයයි. ආදාහනය කල ස්ථානය අනාගතයේ දිනක සමහරවිට දැනගත හැකිවෙයි. මෙම දේහයන් සියල්ල දවනු ලැබේ. එයද ඉතාලි කතෝලිකයන්ට අදහා ගත නොහැකි දෙයකි. දුක්ඛිතම දෙයකි.

:       0       21

ranjith Saturday, 21 March 2020 12:23 AM

රෝගය මොනතරම් බයානකද සියලුම පුරවැසියෝ මෙන්ම දේශපාලකයෝ වඩාත් විනය ගරුකව මේ අභියෝගයට එකමුතුව මුහුණ දී මෙය ජය ගත යුතුව ඇත.

:       0       15

Walter White Saturday, 21 March 2020 04:59 AM

මාගේ ශෝකය! මේ රෝගය මැඩපවත්වන්න නම් ආණ්ඩුවට සෞඛ්‍ය අංශයට හෝ වෙන යම් අයෙක්ට තනියම පුළුවන් දෙයක් නෙවේ, ඒ දෙය කල හැක්කේ මිනිස්සු තමන් ගැන පරිස්සම් වෙනවා නම් විතරයි, අනවශ්‍ය ගමන් නතර කරලා සති දෙකක් ගෙදරට වෙලා ඉන්න, එක මහා වැඩක් නෙවේ, රස්සාව නැති වෙයි කියල අවුල් වෙන්න ඕන නෑ, මේ විශේෂ අවස්තාවක් නේ , ඉතින් ටික දවසක් ගෙදරට වෙලා පරිස්සම් වෙන්න,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 683 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 861 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 369 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site