(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල පොලිස් වසමට අයත් පන්නිල ප්‍රදේශයෙන් එකම පවුලේ පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන අය්.ඩී.එච් උණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එම ආසාදිතයන් පදිංචිව සිටි පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න මහතා අද (01) පැවසීය.
පන්නිල ග්‍රාමයෙන් හඳුනාගත් පවුලේ පිරිමි පුද්ගලයා වූ මැණික් ව්‍යාපාරිකයා ප්‍රථමයෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අයි ඩී එච් රෝහලට මාරු කර පසුව ඔහුගේ බිරිඳ, අවුරුදු එකහමාරක් වයසැති දරුවා, බිරිඳගේ මව හා පියා යන අය රෝහල්ගත කර තිබේ.
මෙම ආසාදිතයන් හමුවීමත් සමඟ පන්නිල හා ඒ අවට තවත් ගම් හතරක් වසා දැමීමට බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය යටතේ සෞඛ්‍යය හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කර එම ප්‍රදේශ ආවරණය වන පරිදි යුධ හමුදා ආරක්ෂාව සහ පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා පැවසීය .
බේරුවල ප්‍රදේශයේ යුද හමුදාව 150 ද පොලිසිය 40 දෙනකු ද යොදවා, ආසාදිතයන් ගැවසී ඇති බවට හඳුනාගත් ප්‍රදේශවලට පිටස්තර අයට ඇතුළත් වීමට සහ පිටවීමට නොහැකි වන පරිදි ආරක්ෂාව තර කර තිබිණ.
නිරෝධායනට එක්කල පිරිස යුද හමුදාව විසින් බස්රථ වල නංවා රැගෙන යාමට කටයුතු කළ බව බේරුවල පොලිසිය පැවසීය.




2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පන්නිල ගම්මානයම ස්වයංනිරෝධායනයේ