IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුත්තලමේ ස්වයං නිරෝධායනයට යොමු වූ අයට විශේෂ සහතිකයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
විදෙස් ගතවී පැමිණ තම නිවෙස් තුළම දින 14 ක ස්වයං නිරෝධායනය වු පුත්තලම දිස්ත්‍රික්කය තුළ පදිංචි පිරිස් වෙත විශේෂ සහතිකයක් ලබාදීම ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

 
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පවසා සිටියේ ඉතාලිය ඇතුළු රටවල් රැසකින් පැමිණි 1346 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබු බවයි.
 
එම පිරිසෙන් 500 වැඩි පිරිසක්  මේ වන විට  දින 14 ක ස්වයං නිරෝධායන කටයුතුවල යෙදී අවසන් කර ඇති බවත් මෙයින් බහුතරයක් මාරවිල, මහවැව, වෙන්නප්පුව, දංකොටුව ආදි ප්‍රදේශ ල පදිංචිකරුවන් බවත් අධ්‍යක්ෂවරිය පැවසුවාය.
 
අදාල පිරිස් නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ,මහජන සෞඛ්‍ය අංශ , සේම අනිකුත් සෞඛ්‍ය අංශ මේ සඳහා මහත් ‍කැපවීමෙන් රාජකාරි වල නිරතවී සිටින බව ඇය කීවාය.
 
එසේම නිරෝධායනයට ලක්වු පිරිසට ලබා ‍‍දෙනු ලබන සහතිකය එම පිරිස නැවත විදේශ ගතවීමකදි අතවශ්‍ය සහතිකයක් බවද ඒ මහත්මිය සඳහන් කළාය.



අදහස් (1)

පුත්තලමේ ස්වයං නිරෝධායනයට යොමු වූ අයට විශේෂ සහතිකයක්

rana Sunday, 22 March 2020 10:02 AM

අනුවණ දේ කිරීමෙන් වලකින්න. ඔය රෝගය නැවත සැදීමට අවකාශය ඇත !

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site