IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුත්තලමේ කොරෝනා අසාදිතයා ඇසුරු කළ 100 කට ආසන්න පිරිසක් නිරෝධායනයට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරුකළ  හා ගැවසුණු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනය කිරිමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.

පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක නිරෝධායන මධ්‍යස්ථානයක් සැකසීමට කටයුතු යොදා ඇතැයිද ලේකම්වරයා පැවසීය.

අද (28) කඩුමයන්කුලම් ප්‍රදේශයේදී හමුවු මෙම කොරෝනා ආසාදිතයාගේ පවුලේ උදවිය  හා තවත් නිවාස දෙකක පිරිසක් සමඟ  මොහු යාඥා සදහා සහභාගි වු දේවස්ථාන තුනක පිරිසක් මෙසේ නිරෝධායනය කිරිමට නියමිත ය.

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට නියමිත පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක්  පුත්තලම නගර සභාව පිරිසිදු කිරිම් ආරම්භ කළ  බවත් අද(29) යුද හමුදාව විසින් අදාල නිරෝධායන මධ්‍යස්ථානය  ලෙස සැකසීම් අරඹන බවද පැවසිය.

තවද මෙම නිරෝධායන මධ්‍යස්ථානය සම්පුර්ණයෙන් යුද හමුදාව විසින් අධික්ෂණය කරන බවත් පිරිසිදු කිරිම් , ආහාර පාන සැපයිමද පුත්ලම  නගර සභාව මේ වන විට භාර ගෙන ඇති බව කියයි.‍

දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදි පවසා සිටියේ මෙම තිරණය ඊයේ(28)  රාත්‍රියේ ගත් බවත් මෙය පුත්තලම නගරයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් ගත් බවයි. 



අදහස් (6)

පුත්තලමේ කොරෝනා අසාදිතයා ඇසුරු කළ 100 කට ආසන්න පිරිසක් නිරෝධායනයට

de silva Sunday, 29 March 2020 02:58 AM

දැන දැනම මිනිස්සු අමාරුවේ දමල , මෙම පුද්ගලයා සනීප උන පසුව අනිවාර්යයෙන් වසර 5 වත් හිරේ අරින්න ඕනේ... මොහුගේ නොමනා ක්‍රියාකලාපය නිසා අමාරුවේ වැටුන, ලෙඩ වුන මිනිසුන්න්ට ප්‍රතිකාර කරන්න රජයෙන් වියදම් වුන මුදල් අපි මොහුගෙන් ගන්න ඕනේ.... එතකොට අනිත් පුද්ගලයනුත් පාඩමක් ඉගෙන ගනීවි. මේ නඩු බොරුවට කල් අරින්න එපා විශේෂ නඩු ලෙස සලකල ඉක්මනට ඉවර කරන්න. අපි ඇදිරිනීතිය දමාගෙන සති ගණනක් දුක් විදින්නේ මෙවැනි පුද්ගලයන් නිසා....

:       0       2

lalithm Sunday, 29 March 2020 03:36 AM

ඉස්ලාම් ආගම අදහන්නන් මෙතරම් අත්තනෝමතික වීම නවතගන්න ඒ අයගේ නායකයින්ට බැරි මොකද? හරිම කණගාටුවට කරුණක්. රටම අනතුරකට ඇදගෙන යන ක්‍රියාවක්? ද්‍රවිඩ භාෂාවෙන් තොරතුරු යනවා මදිද? මොවුන්ගේ මෝඩකමද?

:       0       25

AmalSunday, 29 March 2020 07:55 AM

භාෂා ප‍්‍රශ්නයක් නොවෙ ... මොවුන්ගෙ තියන උද්දච්චකම... දෙවියන්ට ඔනෙ දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නෙ.. දැක්කෙ නැද්ද අපි වයිරස්වලට බය නැහැ කියලා ඉරානයේ පල්ලියේ හිටියා. දැන් දහස් ගාණක් මැරුණා. අන්තර්ජාලයේ බලන්න.

:       0       2

සමන් - ඕමානය Sunday, 29 March 2020 04:00 AM

කිසිම සමාජ වගකීමක් නොදන්නා පිරිසක්. ඒ කරාශි වෙන්න එපා කියලා මෙච්චර ප්‍රචාරය කරද්දීත්, මේ ගොල්ලෝ තාම හොරෙන් හොරෙන් යාඥා වලට පල්ලියට යනවා. මේගොල්ල අනතුරේ හෙලන්නේ මුළු සමාජයමයි. නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       48

NamalSunday, 29 March 2020 07:52 AM

අර ඉන්දියාවෙ වගේ පොලු පාර දුන්නානම් හරි. පල්ලියෙන් එළිබහිද්දිම... කොහෙද ඉතින් සිංහල කොල්ලන්ට ගැහුවත් මෙ අය දිහා හැරිලවත් බලන්නෙ නැහැ. කළකිරෙනවා. මෙවා සරල දේවල්... කරන්න කොන්දක් තියෙනවා නම්....

:       0       1

kamal Sunday, 29 March 2020 08:05 PM

කවුරුත් ආශාවෙන් රෝගයට ගොදුරුවෙන්නේ නැත. තවද මෙම රෝග ලක්ෂණ සමාන්‍යයෙන් හැදෙන උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණයි. කෙනෙකු නොදැනුවත්කමින් හෝ දැනගෙන කළ වරදට මුළු සමාජයටම දොස් කීමෙන් පලක් නැත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site