IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පකිස්තානු අගමැතිත් කොරෝනා පරීක්ෂණයකට

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද ‘කොවිඩ්-19’ පරීක්ෂණයකට යොමු කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් දිනෙක පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු දානපතියකුට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව අනාවරණය වීමත් සමඟ එලෙස පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල අද (22) පස්වරුවේ ලැබීමට නියමිතව තිබිණි.

පාකිස්තානයේ ෂාවුකාත් කානුම් අනුස්මරණ පිළිකා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් එලෙස අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් අදාළ සාම්පල ලබාගෙන ඇත.

‘‘වගකීම් සහගත අග්‍රාමාත්‍යවරයකු ලෙස මෙන්ම වගකීම් සහගත පුරවැසියකු ලෙස මගේ උපදෙස් පිළිපදිමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂණයට යොමු වුණා’’ යැයි ෂාවුකාත් කානුම් අනුස්මරණ පිළිකා රෝහලේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය ෆයිසල් සුල්තාන් පැවැසීය.

වෛද්‍ය ෆයිසල් සුල්තාන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ද වේ.

මේ අතර පාකිස්තානයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (22) පස්වරු 6 වනවිට 9,749ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 209 දක්වා ඉහළ ගොස් තිබිණි.
 
 
ටයිම්ස් ඔෆ් ඉන්දියා
ඡායාරූපය – රොයිටර්
 

055


 



අදහස් (1)

පකිස්තානු අගමැතිත් කොරෝනා පරීක්ෂණයකට

kamal Thursday, 23 April 2020 06:58 AM

ලංකාවට පක්ෂපාතී හොද නායකයෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 889 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site