(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු ඔහුගේ ආධාරකරුවන් හත් දෙනෙකු මේ මස 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා (01) දින නියෝග කළේය.
නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් හත්දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක නිකේතනයක මුදලට සූදු ක්‍රිඩාවේ යෙදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් ස්ථානයේ කොට්ඨාශ දූෂණ මර්දන එක්කයේ නිලධාරින් ඊයේ (30) දින පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (01) දින අධිකරණය වෙත ඉදිරිපත් කළ බව පොලිසිය කීය.
පොලිසිය වැටලිම සිදු කරන අවස්තාවේ තවත් සැකකරුවන් 12 දෙනෙකු පලා ගොස් ඇති අතර , මුදලට සුදු ක්‍රිඩාවේ යෙදිමට උපයෝගි කරගත් කාඩ් කුට්ටම් හතරක් , මුදලින් රු හැට දෙදෙහසක් , සභාපතිවරයාගේ පෞද්ගලික අධි සුපෝගබෝගි ජිප් රථය , තවත් මොටර් රථයක් සහ රා බෝතල් කිහිපයක් තිබි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ සිටි සැකකරුවන් 12 දෙනෙකු පලා ගිය බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත නිසා මෙම සැකකරුවන් මේ මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර බන්ධනාගාර නිලධාරින් හරහා ඔහුන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කරන ලෙස ගිනිගත්හේන පොලිසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා... ඒ අර බුරුවො සෙල්ලම් කල බුරෝවෝ ටික දෙනාද මේ ..? හැබෑවටම ඔක්කොම මිනිස්සුන් අදින ඇදුම් ඇදගෙන ....හරිම පුදුමයි මේක නම් වෙන්නම බැහැ .අපේ පොලිසියේ නිලධාරින් අපිට බොරු පුවත් මවනවද මන්ද සරම, කමිසය, කලිසම අදිනවා යැ... විලිවහ ගන්න. ඇත්තෙන්ම අපි මේක විමසා බැලිය යුතුමයි... නි. පොලිස්පති අජිත් රෝහණ මයාගෙන් අද අප්‍රේල් පලවෙනිද වත්ද? පොලිසිය මේ අහිංසකයන් අල්ලාගෙන යන්නේ බුරුවො ගහන බුරුවන් කියල රැවටිලා....
හොද ජනතා සේවකයෝ.... චන්දය දෙන්නම වටිනවා...
බූරුවෝ ටිකක් බුරුවො සෙල්ලම් කරනාව කිව්වාට... මෙහි ඇති බූරුවෙක් නැත දැකුමට බෙහෙතකට... බූරුවෝ කවදාද ඇන්දේ මිනිසුන් අදිනා කලිසන් කමිස... ඇයි බොරු පුවත් මවන්නේ බූරුවෝ දැකුමට මෙතන..
නියමයි... නීතිය කඩකරන මහජන නියෝජිතයින්ට මෙහෙම වෙලා මදී... රජයට, පොලිසියට අපේ ස්තුතිය...
දැන් ඉතින් ඉස්සර වගේ බබාහුකුම් බැහැ. කාට කෝල් කලත් නීතිය නීතියමයි! " වන් නේෂන් , වන් ලෝ"
දැන් එහෙනම් අර අට පාස් එකාට කියලා බෙහෙත් ඉල්ලගන්න වේවි. මුන් ඔක්කොටම කොරෝනා හදිලාද දන්නේ නැහැනේ... නොදකින් කාලකන්නි හැතිකරේ,.. මෙතරම් විපතක් වෙලා තියෙද්ද්ත් මුන්ට බූරුවා ගහන්න තමයි මතක් වුනේ.
වැදගත් තනතුරු දැරුවට සුඛෝපභෝගී වාහන පාවිච්චිකලාට පුද්ගලයෙක් වැදගත් වන්නේ නැහැ. තමුන් කරන කියන දේවල් වලින් පමණයි වැදගත්ද? නැද්ද? යන්න තීරණය කල හැක්කේ....
සජිත් මහත්තයෝ ... ඔයා මෙ වගේ මිනිස්සුත් එක්කද රාජපක්ෂ ආණ්ඩුවට ෆයිට් එකක් දෙන්න එන්නේ...?
බුරුවො බස්වලට පටවනවා .. දැක්කාමයි ..!!!