IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නවදිල්ලි නුවර සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන ඉන්දියාව බලා ගුවන් පිටත්වී ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1195 දරන එම ගුවන් යානය උදෑසන 9.05 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්වී ගියේය.

ගුවන් යානය තුළ කාර්ය මණ්ඩලය 08 දෙනෙකු  හැර වෙනත් කිසිඳු ගුවන් මගියෙකු නොවීය.

මෙම ගුවන් යානය ඉන්දියාවට ගොස් ආපසු පැමිණීම සඳහා අවශ්‍ය වන ආහාර මෙන්ම ඉන්ධන ද කටුනායක ගුවන් තොටුපළෙන් රැගෙන ගොස් තිබුණි .

ගුවන් යානය අද (29) දහවල් 12.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත අතර ආපසු සවස 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.

 



අදහස් (1)

නවදිල්ලි නුවර සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි

de silva Wednesday, 29 April 2020 05:13 AM

මැද පෙරදිග අතරමන්වෙලා ඉන්න ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන්ටත් ලොකු දේශපාලන සම්බන්ධතා තිබෙන සල්ලිකාර පියවරු සිටිය නම් ඔවුන් ගෙන එන්නත් ගුවන් යානා යාවි...

:       161       144

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site