(කාංචන කුමාර ආරියදාස)
විදේශ රටක සිට මෙරටට පැමිණි දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පද්ගලයෙකු නිවස තුළ නිරෝධායනය වෙමින් සිටියදී හොර රහසේ අද (30) ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයක සහ රජයේ බැංකු කාර්යාලයකට ගොස් ඇති බව අනාවරණය වීමත් සමඟ බැංකු කාර්යාලය විසබීජහරණයකට ලක් කිරීමට දඹුල්ල පොලිසිය සහ මහනගර සභාව කටයුතු කළේය.
විදේශීය රටක සිට මෙරටට මීට දින කිහිපයකට පෙර පැමිණ සිටි යුවළක් මෙයාකාරයෙන් දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ නිවස තුළම නිරෝධායනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියා කොට තිබිණි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම නිවසට ගොස් පරික්ෂා කිරීම ද සිදුකරන බව පොලිසිය පැවසීය.
දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් මෙම නිවසට ගොස් නිරෝධායන වෙමින් සිටි පුද්ගලයා පිළිබඳව සොයා බැලීමේදී ඔහු අද (30) දින නිවසේ නොමැති බව දැනගෙන තිබේ.
පසුව සිදුකළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ ඔහු දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට පැමිණ ඇති බවය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම අවස්ථාවේදීම දඹුල්ල පොලිසියට මේ බව දන්වා පරික්ෂා කරන ලෙස දැනුම් දී තිබේ.
පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී මෙම පුද්ගලයා බැංකුව තුළ කළමනාකාර තුමියගේ කාමරය තුළට ගොස් ඇය සමඟ කතාබහක නිරතව පසුව මුදල් කවුන්ටරයේ නිලධාරියෙකු සමඟද සාකච්ඡා කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා පොලිසිය පැමිණීමත් සමඟ එම ස්ථානයෙන් පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම පුද්ගලයා දඹුල්ල නගරයට ත්‍රී රෝද රථයකින් පැමිණ ඇති බව තොරතුරු සොයා බැලීමේදී හෙළි වී ඇත.
තවත් ස්ථාන කිහිපයකට මෙම පුද්ගලයා ගමන් කර ඇත්දැයි සොයා පරීක්ෂණ කරන බව පොලීසිය කියයි.
එමෙන්ම මෙම පුද්ගලයාට විරුද්දව නිරෝධායන නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව පොලීසිය පැවසීය.
කඩිනමින් රජයේ බැංකුව විෂබීජහරණයට ලක් කිරීම සිදුකරනු ලැබූ අතර ඉදිරියේදී බැංකුවේ නිලධාරීන් පිළිබඳවත් බැංකු ගොඩනැගිල්ල පිළිබඳවත් අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.




COMMENTS
දැඩි දඩුවම් දිය යුතුයි .
අනේ මෙහෙමත් මිනිස්සු
මේ වගේ අයට දිය යුතු දඩුවම කුමක් ද?
මුන් මෙ කරන ගොන් වැඩ නිසා මෙ ප‍්‍රශ්නය කවදාවත් ඉවර වෙන්නෙ නැහැ. මිනිස්සුන්ට රස්සාවක් කරගන්න විදිහක් නැතිවබඩගින්නේ මැරෙ න්න තමයි වෙන්නේ....
බලන්න. මේ වගේ දේවල් නිසා මුලු සමාජයටම වෙන්නේ පුදුම හානියක්. අධික වියදම් කරමින් විශබීජහරණය කරන්න වෙනවා. සමබන්ධ වුනු හැමදෙනාම නිරෝධායනය කරන්න වෙනවා. මේ වෙලාවේ හැමදෙනාටම අවශ්‍යය බැංකු කාර්යය මණ්ඩලය අසරණ වෙනවා. සමහරවිට හෙට අනිද්දා මේ බැංකු ශාඛා වහලා දාන්න වෙයි. දෙන්නෙක් කරපු විනාශයක තරම.හදිසියෙවත් මෙයාලා වයිරසයට නිරාවරණය වෙලානම් තව කී දෙනෙක්ට මේකෙන් හානි වෙයිද? මේවා ජාතික අපරාධ.
නිරෝධායන නීතිය යටතේ ඉදිරි පියවර නෙමේ ප්‍රසිද්ධියේ වෙඩි තියන්න ඕනේ. නැත්නම් ගම්මු එකතුවෙලා ගෙයි හිරකරලා ගෙට ගිනිතියන්න ඕනෙ.
මේ වගේ අයව මූද මැද නැවකට දාා නිරෝධායනය කරන්න ඕනේ. කරුමක්කාර මිනිස්සු.......... අහක ඉන්න අනිත් මිනිස්සුන්ටත් බෝකරලා රටම අරාජික කරන්න දත කනවා.
ලෝකයේ සෑම රටක්ම වගේ මෙයාට පවතින නීති යටතේ උපරිම දඬුවම් දෙන්න. මේක සෙල්ලමකට අරන් තියෙන්නේ.
රටේ කරුමෙට ඉපදුණු අවජාතකයො. හිටිය රටකම මැරෙන්න දෙන්න තිබුනෙ. කී දෙනෙක්ගෙ ජීවිතද මේ අවදානමේ දැම්මෙ?
මේ වගේ මීහරක් නිසා මේ ප්‍රශ්නය තව දුර ඇදෙනවා. ඇදිරිනීතිය දැන්මම අයින් කරන එකක් නැහැ... අපිට රස්සාවක් කරගන්න ලැබෙන එකක් නැහැ.
මේ සදහා රජයට ගිය සියලු වියදම් මොහුගෙන් අයකරගන්නා ඕනේ.
මොලේ අමාරුකාරයෙක්. මේ තමයි ඇත්තම පිස්සෝ. මුළු සමාජයටම පිළිලයක්. කාලකන්නි.
මේ වගේ ගොන් හරක් මිනිසුන් ඉන්න නිසා මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ඇඳිරි නීති ලිහිල් නොකළ යුතුය්.