(ඩී.කේ.රත්න )
විදේශීය රටවල සිට පැමිණ දියතලාව නිරෝධායන මධස්ථානයේ නිරෝධායනය වූ අවසන් 35 දෙනාද අද (3) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් කරා යවා ඇතයි දියතලාව යුද හමුදා කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
දියතලාව යුද හමුදා කදවුර ආශ‍්‍රිතව යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායන කඳවුරු හතක 479 දෙනෙකු නිරෝධායනයට ලක් කළ අතර මේ වන විට එම සියලූම පිරිස නිරෝධායන කටයුතු අවසන් කර සාර්ථකව පිටව ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙය අහන්නෙ නොදන්නා කමටයි. නිරෝධායනය අවසන්කර කඳවුරු වලින් පිටවී යන අයට කුමන හේතුවක් මතවත් කොරෝනා වැලඳිය නොහැකිද. පහදා දෙන්න
චමින්ද, නිරෝධායනය කියන්නේ වයිරසය ශරීර ගත වෙලාද, නැද්ද කියන එක සහතික කර ගැනීමට දින 14 ක කාලයක් වෙන්කොට තැබීමයි. වයිරසය ශරීර ගත වෙලානම් දින 14 කාලය තුල රෝග ලක්ෂණ මතුවෙනවා. එවිට ඔහු හෝ ඇය රෝහල් ගත කරන්න පුළුවන්. නිරෝදායනයක් නොකොට වයිරසය ශරීරගතවූ හදුනා නොගත් රෝගියෙක් සමාජයට මුදා හැරියොත් ඔහු හෝ ඇය ඇසුරු කරන බොහොමයක් දෙනාට රෝගය වැලදෙන්න පුළුවන්. නිරෝධායනය කරන්නේ රෝගය පැතිරීම වලක්වා ගැනීමටයි. නිරෝධායන කාලයෙන් පසු අලුතින් ආසාදනයක් වුනොත් රෝගය වැළදෙනවා.