(සමන් පාලිත නානායක්කාර)
යුද හමුදා අධීක්ෂණය යටතේ දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සාර්ථකව අවසන් කළ 25 දෙනෙකු අද (02) පෙරවරු සිය ගම්බිම් බලා පිටත් ව ගියබව දියතලාව යුද හමුදාව කියයි.
ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණි කොළඹ සහ මහනුවර ප්‍රදේශවල පදිංචි පිරිස් මෙසේ අද දිනයේ පිටත්ව ගිය බවද යුද හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසීය.
හමුදාව හා පොලිසියේ ආරක්ෂාව යටතේ හමුදාවට අයත් විශේෂ බස්රථ වලින් මෙම පිරිස කොළඹ හා නුවර ප්‍රදේශවලට පිටත් කර යැවූ බවත් ඔවුන්ගේ භාණ්ඩ වෙනත් වාහන වලින් යැවීමට කටයුතු කළ බවත් යුද හමුදාව කියයි.
දියතලාව යුද හමුදා කඳවුරේ අධීක්ෂණය යටතේ මධ්‍යස්ථාන හතරක පුද්ගලයින් 413 දෙනෙකු මේ විට නිරෝධායන සාර්ථකව අවසන් කර ඇති බවද තවත් පුද්ගලයින් 35 දෙනෙකු හෙට (03) දිනයේ දී ගම්බිම් බලා පිටත් වීමට නියමිතව ඇතිබව ද යුද හමුදාව සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වීරෝධාර යුධ හමුදා ව ඇතුළු ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් කරනු ලබන මෙම අනර්ඝ සේවාව යුධ බිමේ සටනටත් වඩා අති ශ්‍රේෂ්ඨයි. තෙරුවන් සරණින් ඔබ සියලු දෙනාම ආරක්ෂා වේවා!