(සමන් පාලිත නානායක්කාර)
යුද හමුදාවේ අධීක්‍ෂණය යටතේ නිරෝධායනවලිය සාර්ථකව අවසන් කළ 309 දෙනකු අද (27) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව යුද හමුදාව පවසයි.
මෙම පිරිස දියතලාවේ නිරෝධායන කඳවුරු හතරක සිටි පුද්ගලයින් බව යුද හමුදාව පැවසීය.
ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙසේ දියතලාව යුද හමුදා කඳවුරේ අධීක්ෂණයෙන් නිරෝධායනයට ලක්වූහ.
කහගොල්ල ඉන්ජිනේරු කාර්මික ආයතනයේ 198 දෙනෙක්
දියතලාව හමුදා රෝහලේ 37 දෙනෙක්
ගැමුණු හේවා බල ඇණි ආයතනයේ 74 දෙනෙක් මෙසේ ගම්බිම් බලා පිටත් වූහ.
බස් රථ යොදා ඔවුන්ගේ ගමන් පහසුව යුද හමුදාව මගින් සපයා දී තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd