(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 64 දෙනෙකු තම දිනක වැටුප කොවිඩ් 19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීම අද( 26) දඹුල්ල සති පොළ භූමියේදී සිදු කළහ.
මෙම සෞඛ්‍ය කම්කරුවන් සහ කම්කරු සේවිකාවන් දිනක වැටුප මේ ආකාරයෙන් කොවිඩ් අරමුදලට ලබාදීමට මීට සති කීපයකට පෙර තීරණය කොට තිබූ බව ඔවුහු පවසති .
මෙම අරමුදල සඳහා විශාල දානපතියන් විවිධ මිල ගණන් පරිත්‍යාග කිරීම සිදු කරද්දී පළාත් පාලන ආයතනයක පහළම සේවකයන් ලෙස සැලකෙන එහෙත් සුවිශාල වූ කාර්යභාරයක් නගරයක් වෙනුවෙන් ඉටු කරන මෙම සෞඛ්‍ය කම්කරුවෝ රට වෙනුවෙන් එක දිනක වැටුප පරිත්‍යාග කිරීම සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ තම සේවකයන්ගේ දිනක වැටුප නාගරික කොමසාරිස්වරයා සහ නගරාධිපති ජාලිය ඕපාත නියෝජ්‍ය නගරාධිපති සමීර ජයසේකර මහත්තුරු වෙත ලබාදීම සිදුකළ බව වැඩ පාලක චන්න ඕපාත මහතා පැවසීය.
මෙහිදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ කම්කරුවන් ලෙස සේවය කරන පිරිස දිවයිනේ ප්‍රථම වතාවට කොවිඩ් අරමුදල සඳහා දිනක වැටුප පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය කම්කරුවන් කියා සිටියේ තම සහෝදර කම්කරුවන් ඒකරාශී වී මෙම අරමුදලට තමන් වෙනුවෙන් යමක් කිරීම සඳහා යෝජනා කරගත් බවත් ඒ අනුව හිත සතුටින් මෙම මුදල රජය වෙත පරිත්‍යාග කිරීම සිදුකළ බවය.


2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹුල්ල මහ නගරසබේ සෞඛ්‍ය කම්කරුවෝ දෛනික වැටුප පරිත්‍යාග කරති