IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


දඹුල්ල නිකවටවන ගම්මානයේ පුද්ගලයින් 33 ක් නිරෝධායනයට

(කාංචන කුමාර ආරියදාස)

මහනුවර අකුරණ ප්‍රදේශයේ දී කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පැවති නිවසකට පැමිණ ඇති බවට ලද තොරතුරක් මත අද (31) දින දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂක  නිලධාරීන් සහ දඹුල්ල පොලිසිය එක්ව නිකවටවන ගම්මානයේ නිවාස හතක පුද්ගලයන් 33 දෙනෙක් නිවාස තුලම නිරෝධායනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

මෙම රෝගය ආසාදනය වූ පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයට  පැමිණ ඇති බව පොලිස් බුද්ධි අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගන්නා තුරු එම පුද්ගලයන් කිසිවකු ඔහු පැමිණි බව නොසඟවා සිටීම විශේෂත්වයකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථානයට ගොස්  පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කිරීමේදී ද ඔවු පැමිණි බව පිළිගැනීමට අකමැත්තක් දැක්වුහ. කෙසේ වෙතත් අවට පදිංචිකරුවන් මෙන්ම බොහෝ දෙනෙකු පොලිසියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙම පුද්ගලයා පැමිණි බවට තොරතුරු ලබා දී තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයා පැමිණි  නිවසේ නිවැසියන් සහ එම නිවසට යාබදව ඇති නිවාස හතක් එම නිවෙස් වල ජීවත්වෙන පුද්ගලයන් 33 දෙනෙකුට නිවෙස් තුළම දින 14 ක් කාලයක් නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස දඹුල්ල සීගිරිය කලාප භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් . ඒ. වසන්ත කුමාර මහතා නියෝග කළේය.

මෙම නිරෝධායන නීතිය කඩ කරන්නන් හට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය මෙම පිරිසට දැඩිව අවවාද කරන්නට කළහ.

මෙම පුද්ගලයා අවමඟුල් අවස්ථාවෙන් පසුව දිනක මෙම නිවසට පැමිණ තිබෙන බවත් නිශ්චිතව එම දිනය පවා හෙළිකරගැනීමට  නොහැකි වූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.

දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ප්‍රදේශයේ තවදුරටත් නිරෝධායනය විය යුතු පුද්ගලයන් සිටි දැයි යන්න පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මෙසේ නිරෝදායනට ලක් වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක් පවත්වාගෙන  අයෙකුගේ නිවසක් බව පොලිසිය කීය.

එම ව්‍යාපාරිකයාට ද දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ කිසිදු ප්‍රදේශයක ගමන් නොකොට තම ගම්මානයේ ජනතාව රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා නිරෝධායන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසය.



අදහස් (8)

දඹුල්ල නිකවටවන ගම්මානයේ පුද්ගලයින් 33 ක් නිරෝධායනයට

රවීන්ද්‍ර Tuesday, 31 March 2020 11:59 AM

රට කන්නේ මුන් තමා!!! මෙච්චර කියන මගුලක් නොතේරෙන්නේ ඔළුවල ගොමද?

:       0       21

ranaTuesday, 31 March 2020 12:21 PM

"අවවාද දිය යුතු අයගේ දඩයම පොලිස් කූඩුවෙන් නතර වෙයි "

:       0       0

PrabhaTuesday, 31 March 2020 01:46 PM

ලෙඩෙ හංගගෙන ඉන්න එකම රට ලංකාවයි...

:       0       0

Sola Tuesday, 31 March 2020 12:23 PM

මෙ අය සහරාන්ලගේ අයනෙ...

:       0       0

lalithm Tuesday, 31 March 2020 12:39 PM

ආගමික උන්මාදය සහ කිසිම කමකට නැති ගමන් බිමන්. මොවුන් අනිකුන්ගේ දෝෂ දර්ශනයට ලක් වීම නවත්වන්න බැහැ මේ දරදඬු ගති අත්හරින තුරු. රටම අනතුරේ දමනවා.

:       0       0

Nihal Tuesday, 31 March 2020 12:50 PM

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙක් නම් ඔහු මගින් ආර්ථික මධ්‍යස්ථානය වෙත ද රෝගය සම්ප්‍රේෂණය වීමට ඉඩ ඇත. එසේ වුවා නම් දඹුල්ල ගොවියන් වැඩි ප්‍රමාණයක් ආසාදනය වනු ඇත. මෙයින් රට ආරක්ෂා කරගැනීමට අවශ්‍ය උපදෙස් දිවා රෑ මාධ්‍ය තුළින් ලබා දෙන නමුත් මෙතරම් කුහක අඳබාල ජනතාව සිටීම මගේ රට සතු අවාසනාවකි.

:       0       0

JAYATH Tuesday, 31 March 2020 12:56 PM

මේ ටික මුළු රටම කන්න කලින් අල්ලලා කූඩුවලට දමන්න... වෙඩි තියල දමන්න නෙව බැරි...

:       0       0

Saman Tuesday, 31 March 2020 02:05 PM

නිරෝධායනය නොකර කරන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 981 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1030 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site