( කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල බස් නැවතුම්පොලේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා අද (5) පැවසීය.
මේ දිය ආධුනික සෙබලාගේ නියැදි පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු වූ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.
මහනුවර රෝහල වෙත යවා තිබූ නියැදි ශරීරයේ කොටස් වල පරීක්ෂණ වාර්තාව 05 දින සවස 5.45 ට පමණ ලැබුණු බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.
ඒ අනුව මියගිය හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින පස්වරුවේ කඩිනමින් සිදු කර මරණයට හේතුව සොයා බලා සිරුර යුද හමුදාවට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා සෙබළාගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්ත්වයක් ද තිබුණු බව යි. ඒ අනුව ද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් තවත් ජීවිතයක්. කොරෝනා වලට ඉස්සෙල්ල මේ විදිහට එක පාරට බිමට වැටිලා මිය ගිය කී දෙනෙක් ඉන්නවද ලංකාවේ? මට නම් එක පුද්ගලයෙක්වත් හිටියා කියල මතක නැහැ. පෙබරවාරි මාසේ අනුරාධපුරේ තරුණයෙක් හුස්ම ගන්න අමාරුවෙලා එක පාරට වැටිලා මැරුණා. ගිය මාසේ තව පුද්ගලයෙක් ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවේ බඩු ගන්න පෝලිමේ ඉන්න කොට මැරිලා වැටුනා. තව පුද්ගලයෙක් යාපනේ බයිසිකලේ යනකොට එක පාරට මැරිලා වැටුන. තව ඒ වගේ එක පාරට මැරුණු කී දෙනෙක් ගෙවල් වල හිටියද කියල දන්නේ නැහැ ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිය උඩ තොරතුරු වහන් කරගෙන ඉන්න හින්දා.... කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය හා සම්බන්ධයි. බටහිර වෙදකමට අනුව එන්නතක් එනකම් කියලා මුළු ලෝකෙම බලා ඉන්නවා. තමන් නොදැන වෛරසය තමන්ගේ ඇඟේ තියෙන එක තමයි වඩාම භයානක. කාට කොතන කොහොම හැදෙයිද කියල තාමත් හරියට හොයා ගන්න බැරි වුනු අස්වාභාවික අභිරහස් රෝගයක් COVID-19 කියන්නේ.
භයානක වයිරසයක් එක්ක මේ රට කරන සෙල්ලමක්. අයියෝ මේ මහජනයාට කාගේ පිළිසරණක්ද දෙයියනේ ?
එක පාරටම මැරිලා වැටෙන්න තරම් ඉතා දරුනු රෝගයකින් මෙම සෙබලා හිටියානම්, යුධ හමුදාවට බැදෙන වෛද පරික්ෂන සහ ශාරිරික යොගයතා සමත්වෙන්න පුලුවන්කමක් නැ, එමනිසා ඔහුගෙ මරනය අලුතින් ඇතිවුන රෝග තත්වයක් බව මගෙ හැඟිමයි.
කලින් අර කොරෝන වලින් මළ ලෙඩෙක් පසුව මී උණ නිසා මැරුණා කිව්වා වගේද දන්නේ නැහැ. මොකද ඉක්මනට ඡන්දෙ තියාගන්ඩ එපැයි...