(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ රජයෙන් ලබා දෙන 5000 ක දීමනාව ලබා දිම සිදුවෙමින් සිටියදී පිරිසක් නිළධාරින්ගේ රාජකාරියට බාධා කරමින් කලහාකාරි ලෙස හැසිරිමත් සමග පොලිසිය හා නාවික හමුදාව ආරක්ෂාවට යෙදවිමට සිදුවු බව පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනි හේරත් මහත්මිය පැවසූවාය.
පුත්තලම නැගෙනහිර ග්‍රාම නිළධාරි වසම තුල පදිංචි පිරිසෙන් පවුල් 2225 ක් වෙත මෙම ජීවනෝපාය අහිමි පිරිස් සොයා අදාල 5000 දිමනාව ලබා දෙමින් සිටියදී ප්‍රකෝප වු පිරිසක් නිළධාරින්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරිමත් සමග දැඩි උණුසුම් තත්වයක් මතුව තිබුණි.
මේ සමගම පුත්තලම ප්‍රාදේශීය ලේකම් වරිය වහාම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් පිරිසක් නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යැවිමට කටයුතු කල බව කියයි.
නමුත් එම නිළධාරින්ටද එය පාලනය කිරිමට නොහැකිවිමත් සමග එම ස්ථානයේ සේවය කල නිළධාරින්ගේ හා ජනතාවට ලබා දිමට ලබා දි තිබු ලක්ෂ ගනනක මුදල් වල ආරක්ෂාව වෙනුවෙන් පුත්තලම මුල්සථාන පොලිසිය හා නාවික හමුදාව යොදවා ආරක්ෂාව තර කල බව ප්‍රාදේශීය ලේකම් වරිය පැවසිය.
ඒ වන විට 1000 කට අධික පිරිසක් දිගු පෝලිම් වල රැදි සිටිමින් අදාල දිමනාව ලබා ගැනිමට රැදි සිටිනු දැක ගත හැකි විනි .






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අහනවට තරහ වෙන්න එපා අයුබෝවන්! මේ පෝලිම්වල ඉන්න ඔක්කොම රැකියා අහිමිවෙච්ච අයවලුන්මද? නැතිනම් නිකම් මොනවා හරි දෙනවා කිව්වොත් ගන්න බලන නිර්ලජ්ජිත ලාංකික මනසින් යුක්තවුවන්ද?
කරන්න තිබුනේ පොලිසිය හෝ හමුදාව කැදවීම නොව මුදල් ගෙවීම නතරකර මූලික විමර්ශනයක් සිදුකර කලබල කළ අයගේ කලබලයට හේතු විමසා බැලීමයි.කලබල කළ අයගේ අදහස් හරිනම් ඔවුන්ටත් සමගම මුදල් ගෙවීම කළ යුතුය.