IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දකුණු පළාතේ 1572ක් ස්වයං නිරෝධායනයේ

(ජේ.කේ.එල් චාමින්ද)
 
දකුණු පළාත තුළ මේ වනවිට පුද්ගලයින් 1572 දෙනෙකු නිවෙස්වලට වී ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
 
ගාල්ල දිස්ත්‍රික්කය තුළ 609දෙනෙකු, මාතර දිස්ත්‍රික්කය තුළ 383 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ 580 දෙනෙකු දැනට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. 
 
ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදි කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැකකරන රෝගීන්  150 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබු බවත්, දැනට  රෝහල් ගතව සිටින්නේ 7 දෙනෙකු පමණක් බවද ආණ්ඩුකාරවරයා පවසයි.
 
මෙම රෝගින්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ රෝගීන් දෙදෙනෙකු  බවත් ඉන් එක් අයෙකු විදේශිකයකු බවද ආණ්ඩුකාරවරයා පවසයි.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල කොරෝනා වයිරසය ආසාදිත වි ඇති බවට සැකපිට රෝගින් 110 දෙනෙකු රෝහලේ විශේෂ ඒකකයේ ප්‍රතිකාර ලැබු අතර ඒ අයගෙන් දැනට  රෝහල්ගතව සිටින්නේ 7 දෙනෙකු පමණක් බවත් සෙසු  අයට වයිරසය ආසාදනය නොමැති බවට තහවුරුවීමෙන් පසු නිවෙස්වලට පිටත්කොට යවා ඇති බවද  ආණ්ඩුකාරවරයා පැවසීය.
 
හම්බන්තොට රෝහලේ කොරෝනා වයිරසය ආසාදිත වි ඇති බවට සැකපිට රෝගින් 33 දෙනෙකු ප්‍රතිකාර ලැබු බවත් පරික්ෂණවලදි එම රෝගින්ට වයිරසය ආසාදනය වී නොමැති බවට  තහවුරු වූ පසු නිවෙස්වලට පිටත්කර යවා නිවෙස්වලට වී ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද  ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා සදහන් කළේය.



අදහස් (0)

දකුණු පළාතේ 1572ක් ස්වයං නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site