(අප්සරා යෝසිත් විජේසූරිය)
දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්ගේ කොරියා ලංකා සහෝදර එකමුතුව නම් සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් රත්නපුර ප‍්‍රදේශයෙහි පැවත්වූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තම රැකියාවන්හි සුරක්‍ෂිත බව සහ ස්ථාවරත්වය ආරක්‍ෂාකර ගැනීමට නැවත දකුණු කොරියාවට යාමට අවස්ථාව සලසා දෙන මෙන් ජනපති ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවයි.
රැකියා සඳහා ලබාගත් වීසා මත දකුණු කොරියාවේ සේවය කරන ලාංකීය ශ‍්‍රමිකයන් වන මෙම පිරිස මේ වසරේ ඔවුන් ලද නිවාඩුවදී ශ‍්‍රීලංකාවට පැමිණි බවත්, පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ නැවතත් ඔවුන්ගේ රැකියාව සඳහා දකුණු කොරියාවට යාමට නොහැකිවීමෙන් මතුව තිිබෙන අර්බුදකාරී තත්වය පිලිබඳව මෙසේ අදහස් දැක්වූහ.
කොරියා ලංකා සහෝදර එකමුතුව සංවිධානයේ කැඳවුම්කරු රොෂාන් වික‍්‍රමනායක මහතා මෙසේ කිය.
‘‘අපි දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්. අපි ලංකාවට ආවේ, අපට ලැබුන නිවාඩුවට. දැන් තිබෙන තත්වය මත රටවල් අතර, ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා නවතා දමා තිබෙන්නේ. ඒනිසා අපට ආපසු දකුණු කොරියාවට යාමට නොහැකිව තිබෙන හේතුව මත අපගේ රැුකියාවන් අහිමිවී යාමේ අවදානමට අප මුහුණදී තිබෙනවා.
ලංකාව පුරා විවිධ ප‍්‍රදේශවලින් දකුණු කොරියාවේ රැකියාවල නිරත අප සංවිධානයේ දෙසිය පනහක් පමණ පිරිස මෙසේ නිවාඩුව ලබා ලංකාවට පැමිණි අය අතර සිටිනවා. සාමාන්‍යයෙන් නිවාඩුව දවස් 30ක් පමණ. දැන් ඒ කාලය ඉකුත්වූ අයත් ඉන්නවා.
වඩාත්ම අර්බුදකාරී තත්වය නම් වසර තුනක වීසා නිකුත් කිරීම් මත දකුණු කොරියා රැකියාවන්හි නිරතවන අප වැනි ලංකාවේ ශ‍්‍රමිකයන්ගේ රැුකියාවේදී එම තෙවසර නික්මයාමත් සමඟ නැවත සිවුවන වසර සඳහා වීසා ලබාගැන්ම අප සේවය කරන ආයතන ප‍්‍රධානියාගේ අනුමැතිය සහ අභිමතය මත සිදුවන්නක්වීම. මේ නිසා අප එරට රැුකියා සඳහා ගොස් වසර තුන සම්පූර්ණවීමට ආසන්නව තිබියදී එහි අපගේ සේවා ස්ථානවල සේවයට වාර්තා කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය කටයුත්තක්. එසේ නොකළහොත් එරට පවතින නීති අනුව නැවතත් දකුණු කොරියාවේ රැකියා සඳහා වීසා ලබාගැනීමට හැකියාවක් නෑ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙ ඒ ඉල්ලීම ඉටු කරනවා.... රට ඉන්න අය ලංකාවට එන්න දෙන්නෙ නැති වුණාට මොකද රට දුවන්න විදේශ විනිමය ඔනෑනේ...
නියම කුහකයෝ. ඒ රටට කෙලවෙනකොට මෙහෙට පැන්නා. මෙහෙට කෙල වෙනකොට එහෙට පැන්නා...
කාලකණ්ණි.. එහෙ වැඩිවනකොට මෙහෙට ඇවිත් හොදට තිබුණු ලංකාවම කාලා. දැන් මෙහෙ වැඩිවන කොටයි ජොබ් එක මතක් වුණේ... නුඹලා ආවෙ ලංකාවට බෝ කරලා යන්නද?
ඉන්න රටක ඉඳපල්ලා. තාම මෙහේ මැරෙන්න පටන් ගත්තෙ වත් නෑ... ඇඳිරි නීතිය ඉවත් කලාම හැඳුනුම්පතේ අවසන් අංක පිලිවෙලට ලෙඩේ හදා ගන්න පුලුවන්.
මෙ අයව නෙරපලාම යවන්න ඕනේ... මුන් එහේ ගිහින් ආයේ ලංකාවට බනිනවා... මුන්ව ගත්තට වඩා හොදයි ගත්තේ නැතිනම්...
මේ මිනිස්සු බොහෝ සල්ලිකාර තොත්ත බබාලා වගේ අපිටත් අන්ත පිට රටවල තුට්ටු දෙකේ උපාධි කඩවල ඉගෙනගෙන බටහිරට සංක්‍රමණය වෙන්න යන අයවලුන් නොවෙයි. තම පව්ලේ ආර්ථික සුරක්ෂිත භාවය සඳහා දිවි කැප කරන සේවකයින්. අනෙක ඔවුන් එවන සල්ලි ටික දැන් අපේ රටට ඉස්සරටත් වඩා වටිනවා. මේ ඉල්ලීම හැබැවට වටිනා දෙයක්. ගුවන් යානයක් කොරියාවට යැව්වට කිසිම දෙයක් රටට නැති වෙන්නේ නැහැ. ගිය සල්ලි හම්බවෙනවා. අනාගතයේ සිය දහස් ගුණයෙන් ..
මෙතන රාජපක්ෂලාගේ හා කැබිනට් ඇමැතිවරුන්ගේ දේවල් නැතිනිසා වැඩෙ වෙයිද කියා කියන්න බැහැ.
යන එක හොඳයි. මෙහෙ වැඩේ අනාගෙන ඉන්නේ..
පොඩ්ඩක් ඉන්න. චන්දෙ ඉවර උනාම යන්න හදල දෙයි.
කොහේහරි රැකියාවක් කිරීම කෙනෙකුගේ අයිතියක්. එයට විරුද්ධ නොවිය යුතුයි. ඒ අය කැමති නම් යාමට ඉඩදිය යුතුයි. ප්‍රශ්නය තිබෙන්නේ කොරෝනාවෙන් බේරී වැඩකල හැකිද කියන කරුණයි.
එවන්න එපා. මොකද මෙහෙට කොරෝනා හැදෙන කොට අමතක කරලා ගියා. දැන් එන්න දගලනවා. මුන්ට ජොබ් දෙන්න හොද නැ.
මෙහෙ පාර්ලිමෙන්තුව රුස් කරන්න බයයි. මොකද කොරෝනා සල්ලි හම්බවෙන ඒවට මොනවද වුණේ කියලා මහජනතාව දැන ගනීවි කියලා... සුනාමි සල්ලි වලට මොනවද වුණේ කියලා මුලු රටම දන්නවනේ...?
යන්න ක්‍රමවේදයක් හදලා දෙන්න. මොකද රටට විදේශ විනිමය අවශ්‍ය මොහොතක් මේක. සමහර අය මේ මිනිස්සුන්ට බනින්නේ පැහැදිලි ඉරිසියාවට මිසක් වෙන දේකට නෙවේ.