IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාව පාසල් විවෘත කරයි

දකුණු කොරියාවේ දරු දැරියන් සඳහා ලබන සතියේදී පාසල් විවෘත කරන බව එරට බලධාරීහු අද (4) ප්‍රකාශ කළහ.
 
පසුගිය දින කිහිපයේදී දකුණු කොරියාවෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. දකුණු කොරියාව මේ වනවිට රට සාමාන්‍ය අතට ගැනීම සඳහා පියවර ගනිමින් සිටී.
 
‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තියත් සමඟ මාර්තු මස මුලදී දකුණු කොරියාවේ පාසල් වසා දැමිණි. දකුණු කොරියාව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතුරින් එකකි. එක් අවස්ථාවකදී චීනයෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව තිබුණේ ද දකුණු කොරියාවයි.
 
එහෙත් මේ වනවිට වසංගතය පාලනය කළ රටවල් කිහිපය අතරට දකුණු කොරියාව ද එක්ව ඇත. වසංගතය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව දැඩි ක්‍රියාමාර්ග ගත්තේය. ‘‘ආසාදිතයන් හඳුනාගනිමින් පරීක්ෂණ කරමින් ප්‍රතිකාර කිරීමේ’’ වැඩසටහන් විශාල වශයෙන් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු බලධාරීහු පියවර ගත්හ. දකුණු කොරියාවේ එම වැඩසටහන් ලොවපුර බොහෝ දෙනකුගේ ඇගයීමට ලක්ව ඇත.
 
දකුණු කොරියාවේ ගුරුවරු අප්‍රේල් මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කළහ. ලබන සතියේ බදාදා සිට ජූනි 1 වැනිදා දක්වා අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බව බලධාරීහු කීහ.
 
‘‘පාසල් විවෘත කිරීමෙන් ‘කොවිඩ්-19’ අවසන් වූ බව කියවෙන්නේ නැහැ’’ යැයි දකුණු කොරියාවේ අධ්‍යාපන අමාත්‍ය යූ එවුන් හේ පැවැසුවාය. පාසල් ‘කොවිඩ්-19’ වසංගතයට පෙර පාසල්වල පැවැති නිදහස් සහ ක්‍රියාශීලී තත්ත්වයට නැවත පත් කිරීමට පියවර ගන්නා බවත් එසේ වුවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඉදිරියටත් අනුගමනය කරන බවත් ඇය කීවාය.

ආහාර විවේකයේදී හැර අන් සියලු අවස්ථාවලදී සිසු සිසුවියන් මුඛ/ මුහුණු ආවරණ පැළැඳිය යුතු අතර සෞඛ්‍යාරක්ෂිත සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුය.
 
පාසල් පැමිණි දවසේ මුල්ම කාර්යය ලෙස සිසු සිසුවියන් ඔවුන්ගේ මේස පිහිදැමිය යුතු බව ද දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යවරිය සිහිපත් කළාය.
 
‘‘දරුවෝ මුලින්ම ඔවුන්ගේ මේස පිහිදාන්න ඕනේ. අපි ඒ සඳහා උපදෙස් ලබාදෙනවා’’ යැයි ඇය සඳහන් කළාය.
 
දකුණු කොරියාව මෙලෙස පාසල් විවෘත කිරීමට පියවර ගන්නේ බදාදා සිට සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇති අවස්ථාවක ය.
 
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ කල්දැමුණු බේස්බෝල් සහ පාපන්දු ඇතුළු වෘත්තීය ක්‍රීඩාවල නව තරගවාරය මේ සතියේදී ආරම්භ වීමට නියමිතය. එහෙත් ප්‍රේක්ෂයන් සඳහා මෙම තරග විවෘත නොකිරීමට බලධාරීහු තීරණය කර ඇත.
 
සඳුඳා එනම් අද (4) දකුණු කොරියාවෙන් වාර්තා වූයේ ආසාදිතයන් 8 දෙනකු පමණි. දකුණු කොරියාවේ රෝග පාලන මධ්‍යස්ථානයට අනුව අද පස්වරු වනවිට එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 10,801කි. එරටින් වාර්තා වන මරණ ගණන 252කි.
 
.එෆ්.පී.
 
055 

 



අදහස් (0)

දකුණු කොරියාව පාසල් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඖෂධ ඒකාධිකාරිය බිඳීම නිසා ඖෂධ මිල 200ගුණයකි පහතට
2025 ජනවාරි මස 15 470 0

පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ


ලංවිම ඉන්ධන මිලදී ගැනීමෙන් වසරකට කෝටි 5,600 ක පාඩුවක්
2025 ජනවාරි මස 15 146 0

ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් ර


ගසක් යතුරුපැදියක් මතට කඩා වැටේ
2025 ජනවාරි මස 15 106 0

බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ කිරිමණ්ඩලය අසලින්දී ධාවනය වු යතුරුපැදියක් මතට කපා තිබූ ගසක ඉතිරි දැව කදක් කඩා වැටීමෙන් තුවාල ලැබු තරුණයකු බදුල්ල ශික්ෂ


අල්ලස් ගත් පී.සී. මාට්ටු
2025 ජනවාරි මස 15 142 0

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයට නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරීම සඳහා රියැදුරකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබාගත් මතුගම මූලස්ථාන පොලිසියේ රථ වාහන


කෝටි දෙකක් වැය කළත් බිජ ආර්තාපල් නිෂ්පාදනය පහළට
2025 ජනවාරි මස 15 74 0

පිදුරුතලාගල රජයේ බිජ අර්තාපල් ගොවිපලේ පසුගිය කන්න තුනක් තුලදි රුපියල් 26,659,785 ක මුදලක් වැයකර බිජ අර්තාපල් කිලෝග්‍රැම් 247,500ක් නිෂ්පාදනය කිරිමට සැලසුම්ක


ඇමෙරිකා තානාපතිනිය රජයේ වැඩ පසසයි
2025 ජනවාරි මස 15 328 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ වංචා හා දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඇති කැපවී


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 254 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 560 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 308 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site