IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


දකුණු කොරියාව නැවතත් වයිරස පාලන සීමා පනවයි

නව කොරෝනා වයිරස පොකුරු කිහිපයක් හඳුනාගැනීමත් සමඟ නැවත වරක් වයිරසය ව්‍යාප්ත වීමට පාලනය කිරීම සඳහා සීමා පැනවීමට දකුණු කොරියාව අද (28) පියවර ගත්තේය.

‘කොවිඩ්-19’ වසංගතය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටක් ලෙස පිළිගැනුණු දකුණු කොරියාව වසංගතය පාලනය කිරීමේ ගෝලීය ආදර්ශ මොඩලයක් ලෙස ද හඳුනාගැනිණි. කෙසේ නමුත් මාස දෙකකට ආසන්න කාලයකට පසුව ඊයේ (27) කොරෝනා ආසාදිත විශාලම පොකුර හඳුනාගත් අතර එහිදි වයිරස ආසාදිතයන් 40 දෙනකු හඳුනාගෙන තිබිණි.

දකුණු කොරියාවේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරීමට පටන් ගැනීමත් සමඟ මෙලෙස නව ආසාදිත පොකුරු හඳුනාගෙන තිබේ. අලුතෙන් හඳුනාගත් ආසාදිතයන්ගෙන් බොහෝදෙනකු සෝල් අගනුවරට අයත් මෙට්‍රෝපොලිටන් කලාපයෙන් හඳුනාගෙන ඇති අතර මේ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් අවදානමට පත්ව ඇත.

දකුණු කොරියානු බලධාරීන් මැයි 6 වැනිදා සිට සමාජ දුරස්ථභාවයට අදාළ නීති ලිහිල් කිරීමට පියවර ගත් අතර නව ආසාදිත පොකුරු හඳුනාගැනීමත් සමඟ නැවත එම නීතීරීති පැනවීමට එරට බලධාරීන්ට සිදුව ඇත.

කොරෝනා වයිරසය පාලනය කිරීමට ගෙන ඇති නව නීතිරීති හේතුවෙන් හෙට (29) සිට කෞතුකාගාර, උද්‍යාන හා කලාගාර යනාදිය සති දෙකකට වසා දැමෙන බව පාර්ක් නන්ග් හෝ පැවැසීය. මීට අමතරව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම තවත් නීතිරීති රැසක් හඳුන්වා දී තිබෙන අතර සේවා කිරීමට පහසු වේලාවක් සේවකයන්ට නැවත ලබාදෙන්නැයි ද දකුණු කොරියානු බලධාරීන්ට එරට සමාගම්වලින් අවධාරණයෙන් ඉල්ලා ඇත.

‘නිරෝධායන ක්‍රියාමාර්ග සියල්ල නැවත ක්‍රියාත්මක කරනවා. ඒවා දැඩිව ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන නීති සිකුරාදා සිට ජූනි 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා’’ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

එක්රැස්වීමෙන් වැළැකී සිටින්නැයි ද ජනාකීර්ණ ස්ථානවලට ගමන් කිරීමෙන් වැළැකී සිටින්නැයි දකුණු කොරියානු බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා ඇත. අවන්හල්, බීමහල්වලට යෑම අඩු කරන්නැයි ඉල්ලා ඇති දකුණු කොරියානු බලධාරීන් ආගමික ස්ථානවල වැඩි විමසිල්ලෙන් පසුවන්නැයි ද නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි ද ඉල්ලා ඇත.

දකුණු කොරියාවෙන් අද (28) නව කොරෝනා වයිරස ආසාදිතයන් 79 දෙනකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 11,344ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර එරටින් වාර්තා වූ වැඩිම ගණන 81ක් විය. එම පිරිස වාර්තා වූයේ අප්‍රේල් 5 වැනිදාය .

ඒ.එෆ්.පී. 

055



අදහස් (0)

දකුණු කොරියාව නැවතත් වයිරස පාලන සීමා පනවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 404 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2182 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site