
නව කොරෝනා වයිරස පොකුරු කිහිපයක් හඳුනාගැනීමත් සමඟ නැවත වරක් වයිරසය ව්‍යාප්ත වීමට පාලනය කිරීම සඳහා සීමා පැනවීමට දකුණු කොරියාව අද (28) පියවර ගත්තේය.
‘කොවිඩ්-19’ වසංගතය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටක් ලෙස පිළිගැනුණු දකුණු කොරියාව වසංගතය පාලනය කිරීමේ ගෝලීය ආදර්ශ මොඩලයක් ලෙස ද හඳුනාගැනිණි. කෙසේ නමුත් මාස දෙකකට ආසන්න කාලයකට පසුව ඊයේ (27) කොරෝනා ආසාදිත විශාලම පොකුර හඳුනාගත් අතර එහිදි වයිරස ආසාදිතයන් 40 දෙනකු හඳුනාගෙන තිබිණි.
දකුණු කොරියාවේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරීමට පටන් ගැනීමත් සමඟ මෙලෙස නව ආසාදිත පොකුරු හඳුනාගෙන තිබේ. අලුතෙන් හඳුනාගත් ආසාදිතයන්ගෙන් බොහෝදෙනකු සෝල් අගනුවරට අයත් මෙට්‍රෝපොලිටන් කලාපයෙන් හඳුනාගෙන ඇති අතර මේ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් අවදානමට පත්ව ඇත.
දකුණු කොරියානු බලධාරීන් මැයි 6 වැනිදා සිට සමාජ දුරස්ථභාවයට අදාළ නීති ලිහිල් කිරීමට පියවර ගත් අතර නව ආසාදිත පොකුරු හඳුනාගැනීමත් සමඟ නැවත එම නීතීරීති පැනවීමට එරට බලධාරීන්ට සිදුව ඇත.
කොරෝනා වයිරසය පාලනය කිරීමට ගෙන ඇති නව නීතිරීති හේතුවෙන් හෙට (29) සිට කෞතුකාගාර, උද්‍යාන හා කලාගාර යනාදිය සති දෙකකට වසා දැමෙන බව පාර්ක් නන්ග් හෝ පැවැසීය. මීට අමතරව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම තවත් නීතිරීති රැසක් හඳුන්වා දී තිබෙන අතර සේවා කිරීමට පහසු වේලාවක් සේවකයන්ට නැවත ලබාදෙන්නැයි ද දකුණු කොරියානු බලධාරීන්ට එරට සමාගම්වලින් අවධාරණයෙන් ඉල්ලා ඇත.
‘නිරෝධායන ක්‍රියාමාර්ග සියල්ල නැවත ක්‍රියාත්මක කරනවා. ඒවා දැඩිව ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන නීති සිකුරාදා සිට ජූනි 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා’’ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
එක්රැස්වීමෙන් වැළැකී සිටින්නැයි ද ජනාකීර්ණ ස්ථානවලට ගමන් කිරීමෙන් වැළැකී සිටින්නැයි දකුණු කොරියානු බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා ඇත. අවන්හල්, බීමහල්වලට යෑම අඩු කරන්නැයි ඉල්ලා ඇති දකුණු කොරියානු බලධාරීන් ආගමික ස්ථානවල වැඩි විමසිල්ලෙන් පසුවන්නැයි ද නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි ද ඉල්ලා ඇත.
දකුණු කොරියාවෙන් අද (28) නව කොරෝනා වයිරස ආසාදිතයන් 79 දෙනකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 11,344ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර එරටින් වාර්තා වූ වැඩිම ගණන 81ක් විය. එම පිරිස වාර්තා වූයේ අප්‍රේල් 5 වැනිදාය .
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු කොරියාව නැවතත් වයිරස පාලන සීමා පනවයි