උපුල් තම්මිට
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිනෙන ගොවීන් හා වෙළදුන් කොතරම් දැනුවත් කලද සෞඛ්‍යආරක්ෂිත පියවරයන් නොගැනීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය අද දහවල් වනවිට වසා දැමීමට තිරණය කළ බව තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසීය.
මේවනවිට ආර්ථික මධ්‍යස්ථානය දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව ඇතැයි පෙන්වා දෙන ඒ මහතා විෂේශ වැඩපිළිවෙලක් යටතේ ආර්ථික මධ්‍යස්ථානය නැවත විවෘත කරන බවත් පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු අසංක ප්‍රදීප් මහතා පවසා සිටියේ අද දින පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි පියවරයන් ගැනීමට කටයුතු කරන බව පැවසීය.
අද අලුයම් කාලයේ සිටම ආර්ථික මධ්‍යස්ථානයේ විශාල පිරිසක් රැස්ව සිටින අයුරු දක්නට ලැබුණු අතර මීටරයක පරතරය තබාගැනීම පිළිබදව කිසිවෙකුත් මෙහිදී අවධානයක් යොමු නොකරන අන්දම නිරීක්ෂනය වූ අතර අද දින නුවරඑළිය කැප්පෙටිපොළ පළාත්වලින් උඩරට එළවලු සහ වෙනත් පළාත්වලින් පහතරට එළවලු විශාල වශයෙන් ලැබී තිබිණි.
එළවලු මිලද සැළකියයුතු ප්‍රමානයකින් පහළ ගොස් තිබූ අතර අද උදෑසන වනවිට එළවලු කිලෝ ලක්ෂ හතරක පමන ප්‍රමානයක් ලැබී තිබේ.
මෙහි ආරක්ෂාව සදහා පාළනාධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුනද අද අලුයම් කාලයේ ගොවීන් විශාල පිරිසක් එකවර ආර්ථික මධ්‍යස්ථානයට පැමිනීමත් සමග ආරක්ෂිත වැඩපිළිවෙල අක්‍රීය විය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.