IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩුබායි සිට පැමිණ සැඟව සිටි අයෙක් නිරෝධායනයට

(  එස්. ඩි. කොඩිකාර )

දෙනියාය ,පල්ලෙගම ප්‍රදේශයේ ඩුබායි සිට පැමිණ  නීරෝධානය මග හැර දින 16 ක් සැගව සිටි පුද්ගලයෙකු කොටපොළ සෞඛ්‍යය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත්  ශෂිකා මිතුනා ආරච්චි මෙනවිය  වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර දින 11 ක් නිවසේ සිට ස්වයං නිරෝධානයට ලක් වෙන ලෙස උපදෙස් ලබාදුන් බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය පවසයි.
 
මෙසේ  ස්වයං නිරෝධානයට  ලක් වන ලෙස නියෝග කරනු ලැබූයේ පල්ලෙගම ,දොඩබෙතොට ප්‍රදේශයේ පදිංචි විජේසිංහගේ රංජිත් නැමැත්තෙකුට බව පල්ලෙගම මහජන සෞඛ්‍යය පරීක්ෂක ඊ.පී.ඩී.එල්.වීරරත්න මහතා පැවසීය .
 
ඉකුත් (15) දින මොහු ඩුබායි සිට තම නිවසට  පැමිණ සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් නොපිළිපැද ඔවුන් ද අපහසුතාවයට පත්  කරමින්   නීරෝධානයට  ලක් නොවී  නිවසේ සැඟව සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත  මොහු අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .
 
පැමිණිල්ල වෙනුවෙන් පල්ලෙගම මහජන සෞඛ්‍යය පරීක්ෂක  ඊ.පී.ඩී.එල්. වීරරත්න මහතා පෙනී සිටි අතර මොහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් වන ආර්.එස්. වසන්ත කුමාර ,ඊ.එස් .ජී.පතිරණ ,පී.එම්.දිසානායක ,ඊ.පී.ඩී.එල්.වීරරත්න යන නිලධාරීන් එක්ව සිටියහ .



අදහස් (6)

ඩුබායි සිට පැමිණ සැඟව සිටි අයෙක් නිරෝධායනයට

de silva Saturday, 04 April 2020 12:16 PM

15 වෙනිදා එමිරේට් රටේ ඉඳල පැමිණි කට්ටියට ගෙදර යන්න දුන්න. කොරියාවෙන් , ඉතාලියෙන් , ඉරානයෙන් පැමිණි පුද්ගලයන් රජයේ නිරෝධනයට යැවුවා... ගුවන් තොටුපලින් එනකොට දැනුම් දීපු ලිපිනයේ සිටියා නම් එලියට බැස්සේ නැතිනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ ? කාටවත් මුකුත් කියන්න බැහැ. මෙතන තිබෙන ප්‍රශ්නය කුමක්ද ? මෙයා ගෙදර ඉන්නේ නැතුව එහෙ මෙහෙ ඇවිදින්න ගිහින්ද ? මෙයට කොරෝන නැතිනම් දින 18 කට පමණ පසු නැවතත් දින 11 නිරෝධනය කරන්න අවශ්‍යද?

:       0       4

jessSaturday, 04 April 2020 01:59 PM

අරක කරා මේක කරා නෙවෙයි, අදාල අංශ වලට කෝල් එකක් දුන්න නම් හෙන ගහනවද?

:       0       34

Ajithdl Saturday, 04 April 2020 01:24 PM

ඔය ගම්මානයේ නමින් සෙට් එකෙ 1920

:       0       1

de silva Saturday, 04 April 2020 03:21 PM

ඔය කියන දිනයේ මගේ මිත්‍රයෙකුත් ජෙර්මනියේ සිට පැමිණ තිබුණා... ඔහු කිව වෙනද පිරවීමට දෙන පෝරමයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තව පෝරම දෙකක් දීල තිබිල එකේ අහල තිබෙනවා නම , ලිපිනය , දුරකථන අංක , පාස්පෝර්ට් නොම්මර ගුවන් යානයේ අංකය අසන නොම්මරය ඇතුළු සියලුම දේවල් , ඔහු ගෙදර පැමිණියාට පසු දින 16 වෙනිදා රාත්‍රියේ නිවේදනය කලා සියලු දෙනාම 17 වෙනිදා පොලිසියට ගිහින් ලියාපදිංචි වෙන්න කියල , උදේ යන්න ලැහැස්තිවෙලා ඉන්න කොට කිව එන්න එපා දුරකතනයෙන් ලියාපදිංචි වෙන්න කියල , එහෙම කරහම විස්තර ලියාගෙන කියල තිබෙනවා ග්‍රාමසේවක දැනුවත් කරන්න කියල, ඔහු එකත් කරලා ගෙදරට වෙලා හිටිය , දවස් 10 විතර යනකම් කවුරුවත් ඇවිල්ල නැහැ ඔහු බලන්න. ඉන්පසු නැවත ග‍්‍රාම සේවකට කතාකරහම කියල තිබෙනවා. මෙන්න මේ අංකය අහවල් මහජන සවුක්ය පරීක්ෂක වරයාගේ ඔහු දැනුවත් කරන්න කියල , මහජන සෞඛ්‍ය පරීක්ෂක කියල තිබෙනවා මට කවුරුවත් දැනුම් දුන්නේ නැහැ මම දන්නේ අද කියල.... හොඳම වැඩේ ගුවන්තොටුපලේ තිබෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යාලයෙන් අදාල මගියා පදිංචිවෙලා ඉන්න ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කරන එක , එතකොට මෙම කාර්යය ක්‍රමවත් වෙනවා .

:       0       2

lalithm Saturday, 04 April 2020 04:21 PM

වනචාරියෙක්ද? එතකොට ගෙදර අනික් එවුන්? උනුත් එහෙමද?

:       0       0

wije Saturday, 04 April 2020 04:47 PM

රට ඉදලා ඇවිත් වුවමනාවෙන්ම හැංගිලා ඉන්නවානම් කරන්න ඕනේ නිරෝදායනය නෙවෙයි කෙලින්ම වෙඩි තියලා දාන එක. මේ වගේ අය නිසා තමයි මුළු රටම විනාශ වෙන්නේ. අදිරිනිති අයින් කරන්නේ නැහැ මනුස්සයකුට රස්සාවක් කරගන්න විදියක් නැහැ පුදුම කරුමයක් වෙලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31161 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13301 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 890 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site