කෝවිඩ් - 19 වයිරසයට ගොදුරු වී ඇතිද නැද්ද යන්න පිළිබඳව දැනගැනීම සඳහා තමන්ද වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මහතා තමන්ගේ ශරීර උෂ්ණත්වය ඉතාමත් සාමාන්‍ය මට්ටමේ පවතින බව පවසයි. අද (14 වැනිදා) වොෂින්ටන් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් මහතා එසේ කියා සිටියේය.
මේ වන විට ඇමරිකානුවන් 50 කට වැඩි පිරිසක් කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් මියගොස් තිබෙන අතර ඇමරිකානු ජනජීවිතය බෙහෙවින් අඩාල වී තිබෙන බවද වාර්තා වේ.
මෙම පුවත් පත් සාකච්ඡාව සඳහා වොෂින්ටන් නුවර ධවල මන්දිරයටපැමිණි මාධ්‍යවේදීන්ගේත් ශරීර උෂ්ණත්වය මැන බැලීමටද ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර එය කිසිදා අනුගමනය නොකළ ක්‍රියාමාර්ගයක් විය. එහෙත් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අස්වසාලමින් අදහස් පළකළ ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ද ඊයේ (සිකුරාදා) වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් බවත් තවත් දවසකින් හෝ දෙකකින් එහි ප්‍රතිඵල බලාපොරොත්තුව සිටින බවත්ය.
මේ වන විට ඇමරිකානුවන් 2000 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඔවුන් අතුරින් 50 ක් පමණ දෙනා මියගොස් ඇති බවත් වාර්තා වේ.
පසුගිය සිකුරාදා හදිසි තතත්වයක් ප්‍රකාශයට පත්කළ ඇමරිකානු ජනාධිපතිවරයා පවතින සෞඛ්‍ය අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ඇමරිකානු ෆෙඩරල් රජයේ උපරිම බලය යොදවන බව පැවසීය. ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 50 ක් මුදාහැරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.
මේ වන විටත් යුරෝපයේ රටවල් ගණනාවක සිට එන සංචාරකයන්ට දොරටු වසා ඇති ඇමරිකා එක්සත් ජනපදය අද (සෙනසුරාදා) රාත්‍රියේදී එය එංගලන්තයට සහ අයර්ලන්තයටත් පැනවීමටද සූදානමින් සිටී. කෝවිඩ් - 19 වසංගතය හේතුවෙයන් ඇමරිකාවේ පාසල්, විනෝදස්ථාන, ක්‍රීඩා තරග මෙන්ම සංස්කෘතික අංගද නතර කර දැමීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
564
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් කෝවිඩ් - 19 පරීක්ෂණයක්