IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ට්‍රම්ප්ගේ රැලිය සංවිධානය කළ හයදෙනකුට කොරෝනා

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වූ පළමු ජන රැලිය සංවිධානය කළ සංවිධායක මඬුල්ලේ හයදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලකින් පක්ෂය නියෝජනය කරමින් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ජන රැලිය ඔක්ලහෝමා ජනපදයේ ටුල්සා නුවර දී ඊයේ (20) පැවැත්විණි.

රැලිය ආරම්භ වීමට පෙර ‘කොවිඩ්-19’ පරීක්ෂණ සිය ගණනක් කර තිබූ අතර ඒ අනුව රැලිය සංවිධානය කිරීමට සම්බන්ධ වූ හයදෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබිණි.

ඔවුන් සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියට ගත් බවත් කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රකාශකයකු වන ටිම් මෝටාහ් පැවැසීය.

‘‘වයිරසය ආසාදනය වූ හෝ ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් කිසිවකුත් රැලියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන් කිසිවකුත් නිලධාරීන් අසළට ගියෙත් නැහැ’’ යැයි හෙතෙම කීය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරමින් ජන රැලිය සංවිධානය කර තිබිණි.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස්වලට ගරු කරමින් බොහෝදෙනකු රැලියට සහභාගී වූයේ නැත.

රැලිය පැවැති ක්‍රීඩාංගනයෙන් අඩක් පිරෙන්නට තරම්වත් ජනතාව පැමිණ නොසිටි අතර තමන් අපේක්ෂා කළ තරම් පිරිසක් රැලියට සහභාගී වූයේ නැතැයි සංවිධායකයෝ පසුව ප්‍රකාශ කළහ.

රැලියට සහභාගී වන සියලු දෙනාට මුඛ ආවරණ පැළැඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය කරන්නැයි ද ඉල්ලමින් එම ජනපදයේ වැසියන් දෙදෙනකු පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. තමන්ට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වීමේ ඉඩක් ඇති දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇතැයි කියන පුද්ගලයන් දෙදෙනකු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි.

එම පෙත්සම ඉදිරිපත් කළ පුද්ගලයන්ට එවැනි ඉල්ලීමක් කිරීමට නෛතික බලයක් නැතැයි කියමින් ඔක්ලහෝමා ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කර තිබිණි.

ද නිව්යෝක් ටයිම්ස්’/අල්ජසීරා

ඡායාරූප – ඒ.එෆ්.පී. 

 

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ රැලිය සංවිධානය කළ හයදෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 248 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 396 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site