IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ තර්ජනයෙන් පසු ඉන්දියාව හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අපනයන තහනම ඉවත් කරයි

කොරෝනා වයිරස රෝගීන් සඳහා ප්‍රතිකාරකයක් ලෙස නම්කර ඇති හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධයේ අපනයන තහනම ඉවත් කිරීමට ඉන්දියාව එකඟ වී ඇත.

ඉන්දියාව විසින් ඖෂධය සඳහා පැනවූ අපනයන තහනම ඉවත් නොකළහොත් පලිගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසුව ඉන්දියාව මේ බව ප්‍රකාශ කළේය.

මැලේරියා රෝගය සඳහා භාවිතා කරන ක්ලෝරොක්වීන් වලට බොහෝ සෙයින් සමාන  හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය රූමැටික් ආතරයිටීස් සහ දද වැනි චර්ම රෝග සඳහා ප්‍රථිකාර ලෙස යොදා ගනී. 

හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්  ප්‍රතිවෛරස කාරකයක් ලෙස පසුගිය දශක කිහිපය පුරා වෛද්‍ය විශේෂඥයන් විසින් භාවිතා කළ ඖෂධයකි.

කෙසේවුවද සමහර වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ එය කොවිඩ් - 19 සුවකරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. 

ඖෂධය සම්පූර්ණයෙන්ම අපනයනය තහනම් කිරීමෙන් පසු ඉන්දියාව  සඳහන් කළේ කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව සිටින රටවලට  හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය ලබාදෙන බවයි.

ඊට අමතරව අසල්වැසි රටවලට යම් ප්‍රමාණයකින් ඖෂධය සපයන බවද ඉන්දියාව පැවසීය.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලකමණ්ඩලය විසින් කොරෝනා රෝගයට ප්‍රථිකාර කිරීම සඳහා  හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය අනුමත කර ඇති බවයි. ජීවිත තර්ජනයක් ඇති රෝගියෙකුට එය භාවිතා කිරීම ගැටලුවක් නොවන බවද ඔහු පවසයි.

බීබිසී සෞඛ්‍ය වාර්තාකරු ජේම්ස් ගැලගර් පවසන්නේ, "හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් රසායනාගාර අධ්‍යයන වලදී කොරෝනා වයිරසය අවහිර කරන බව පෙනෙන්නට තිබේ. එය උපකාරකයක් වියහැකි බව වෛද්‍යවරුන් කිහිපදෙනකු පවසා තිබේ." යනුවෙනි.

ඉන්දියාවේ තරමක් මිල අඩු ඖෂධයක් වන  හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් කොවිඩ් - 19 ප්‍රතිකාරකයක් ලෙස නම් කිරීමෙන් පසු මිලදී ගැනීම දැඩි ලෙස සීමා කර ඇත.

ඇමරිකාවේ කොරෝනා රෝගීන් 367 650ක් වාර්තා වන අතර මරණ 10 943ක් සිදුවී තිබේ.

ඉන්දියාවේ මේ වනවිට රෝගීන් 3981ක් වාර්තා වන අතර මරණ 114ක් සිදුවී ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (5)

ට්‍රම්ප්ගේ තර්ජනයෙන් පසු ඉන්දියාව හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අපනයන තහනම ඉවත් කරයි

Oshan Tuesday, 07 April 2020 11:13 AM

සජිත් ප්‍රේමදාස ඕක ගැන කිව්වම කට්ටිය ඕක අල්ලගෙන ඒ මනුස්සයට මඩ ගැහුවනේ. අපේ මිනිස්සුන්ට දිට්ඨ ධම්මවේදනීය කර්මය ඉක්මනින් පල දෙනවා වගේ.

:       2       47

ටාසන් Tuesday, 07 April 2020 11:23 AM

රටවල් වලට තර්ජනය කළාට වෛරසයට තර්ජන ගර්ජන වලින් වැඩක්නැති බව ඔප්පුවී හමාරයි.

:       17       3

Bamunuarachchi Tuesday, 07 April 2020 01:51 PM

මෙය මාර බඩුවක්නේ. ඇමරිකානු සමාගමක් නිපදවන මුඛ ආවරණ කැනඩාවට යැවීමට තහනම් කරපු මේ හාදයා ඉන්දියාව හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අපනයනය නැවැත්තුවාට තර්ජන දානවා.

:       1       3

Kumar Tuesday, 07 April 2020 03:55 PM

ට්‍රුම්ප් කිව්වට, මෙරට ප්‍රධාන වෛද්‍යවරු කියන්නෙ සියලුදෙනාටම මේ බෙහෙත් සුදුසුනොවන බවයි. විශේෂයෙන් හෘදයාබාධ තිබෙන අයට නුසුදුසු බවයි කියන්නෙ. මෙ දිනවල අනෙක් අසනීපවලට ගන්න අයට මෙම බෙහෙත් සොයාගැනීමට අපහසුවී තිබෙනවා. ඇමෙරිකාවේ අරෝග්‍යශාලවලත් හිඟයක් තිබෙන අවස්ථාවකදී කැනඩාවට මුක ආවරණ සහ වෙන්ටිලේටර් සපයන්නේ කොහොමද?

:       1       0

jayath Wednesday, 08 April 2020 01:20 AM

බොහෝ ප්‍රශ්න , මතවාද සහ අතුරු ආබාද තිබුනත් මේ වෙලාවේ ඕක බාවිතා කරන්න අවසර දීලා තියනවා මොකද ඔය බෙහෙත වසර ගණනාවක් අපේ රටත් ඇතුළුව සාර්ථකව මැලේරියාවට දුන්න බෙහෙතක්. මේ වෙලාවේ ගිලෙන්න යන කෙනා පිදුරුගහෙත් එල්ලෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 515 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site