IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා මරණය අද(04) වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 79 හැවිරිදි කාන්තාවක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ඇයට වෙනත් රෝගී තත්ත්වයන් තිබුණු බව ද සඳහන් වෙයි.

කොකේසියාවේ දකුණු දිග පිහිටි රටක් වන ජෝර්ජියාවේ මිලියන 3.7ක ජනගහනයක් වාසය කරන අතර මේ වනවිට කොරෝනා ආසාදිතයින් 157ක් වාර්තා වී තිබේ.

රෝගීන් 28 දෙනෙකු සුවය ලබා ඇත.

ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා පසුගිය පෙබරවාරි 26 වනදා වාර්තා වූ අතර ඔහු 50 වියැති පුද්ගලයෙකි.

ඔහු ඉරානයේ සිට අසර්බයිජාන දේශ සීමාව හරහා ජෝර්ජියාවට පැමිණ තිබේ.

ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී තිබිය දී පෙබරවාරි 29 දින සියලුම රජයේ පාසැල් වසා දැමීමට ජෝර්ජියාව කටයුතු කළේය.

මාර්තු 16 වනදා වනවිට රෝගීන් 33 ක් වාර්තා වී තිබුණු අතර ජෝර්ජියානු රජය සීමා දැඩි කිරීමට කටයුතු කළේය.

විදේශිකයන්ට ජෝර්ජියාවට ඇතුළු වීම තහනම් කළ අතර වැඩිහිටි පුද්ගලයන්ට සමූහ රැස්වීම් පැවැත්වීම තහනම් කළේය.

රජය විසින් වයිරසය සම්බන්දව ජනතාව දැනුම්වත් කරමින් සියලුම දුරකථන වෙත විශේෂ කෙටි පණිවුඩයක් බෙදා හරිනු ලැබීය.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site