IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ජපානයේ ප්‍රාන්ත හයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

ජපානයේ ටෝකියෝ අගනුවර ඇතුළු ප්‍රාන්ත හයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

කොරෝනා වයිරස ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීම සඳහා මෙම පියවර ගත් බව ජපාන අගමැති ශින්සෝ අබේ මහතා පවසයි.

    "වැදගත්ම දෙය වන්නේ අපගේ චර්යාවන් වෙනස් කර ගැනීමයි. අප සෑම කෙනෙකුම අන් අය සමඟ සම්බන්ධතා 80% කින් අඩු කරගතහොත් ආසාදන සංඛ්‍යාව පාලනය කිරීමට හැකිවෙයි." යනුවෙන් රූපවාහිනී වැඩසටහනකදී ජපාන අගමැතිවරයා මේ බව පැවසීය.

වයිරසය ව්‍යාප්ත වීමේ ඉහල ප්‍රවණතාවයක් සහිත, ජනගහනය වැඩි ප්‍රාන්ත වලට මෙම තත්ත්වය ක්‍රියාත්මක වේ.

මැයි මස 6 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති මෙම හදිසි තත්ත්වය මගින් මහජනයාට තම නිවෙස් වල සිටීමට බල කෙරෙන අතර ව්‍යාපාර වසා දැමීමට බල කෙරේ.

කෙසේවුවද කලබල වී ආහාර ගොඩගසා ගැනීමක් අවශ්‍ය නොවන බව ජපාන අගමැතිවරයා පවසයි.

"ප්‍රමාණවත් ආහාර සැලසුමක් ඇති බැවින් ඔබට අවශ්‍ය දේ පමණක් මිලට ගන්න.ආහාර නිපදවන කර්මාන්තශාලා අත්හිටුවන්නේ නැත." යනුවෙන් ඔහු පැවසීය.

ජපානයේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 3906 ක් වාර්තා වන අතර මරණ 93 ක් සිදුවී තිබේ. 

පසුගිය පැය 24 තුළ ටෝකියෝවේ පමණක් නව රෝගීන් 80 ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් එක් දිනක් තුළ ටෝකියෝවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.

රෝගීන් 592ක් සුවය ලබා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ජපානයේ ප්‍රාන්ත හයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31360 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13575 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11009 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 984 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site