
කොරෝනා වයිරසය ආසාදනය වූ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු ස්වයං-නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවත් ඔහු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් නිසා 71 වැනි වියේ පසුවන චාල්ස් කුමරු පසුගිය සතියේදී ස්කොට්ලන්තයේ බැල්මොරාල් වතුයායේ බර්ක්හෝල් හි ඔවුන්ගේ නිවසේදී ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමුවිය.
චාල්ස් කුමරුගේ බිරිඳ වන කෝන්වොල් ආදිපදවරිය (කැමිලා) වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී තිබූ අතර ඇයට වයිරසය ආසාදනය වී නැතැයි එහිදි තහවුරු විය.
ඇය මේ සතිය අවසන් වනතුරු ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමුවනු ඇතැයි ද වාර්තා විය.
චාල්ස් කුමරු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් රජයේ නියෝග පිළිපදිමින් නිවසට වී සිටින බවත් රජ මාලිගයේ නිලධාරියෙක් පැවැසීය.
රොයිටර්/බී.බී.සී.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අමුතුම නිරෝධනයක්...දවස් 7 වැඩේ ඉවරයි.
මචං සිල්වා. අපේ වගේ වයිරස් එක දවස් 14 ක් ම ඉන්නේ නෑ රජකීයන්ගේ ඇගේ.
වයසක අයට සුව කිරීම අපහසුයි කීවාට කෝ කිසිම උත්සන්න වීමක්.